Ads 468x60px

.

බොදු බල සේනාවේ ප්‍රහාරකයෙකුට දුන් දුරකථන ඇමතුම


ආයුබෝවන් අපට බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේ කෙනෙකුට කථා කරන්න පුලුවන්ද බුද්ධාගම ගැන සුද්දෙකු ලියපු පොතක් ගැන තොරතුරක් දෙන්න , මේ පොත බෞද්ධ  විරෝධී පොතක් කියලා තමයි අපි හිතන්නේ 

(එහා කොනින් ) 
තෙරුවන් සරණයි මහත්තයා කවුද.

මම ගුණරත්න  කියලා ඉස්කෝලේ  මහත්තයෙක් කතා කරන්නේ , බොදු බල සේනාවේ හාමුදුරුවරු බුද්ධාගම බේර ගන්න කරන සටන අපි අගය කරනවා ඒ නිසයි මේ හෝඩුවාව දෙන්න කථා කරන්නේ 

බොහොම හොඳයි මහත්තයා  මම ................................... බොදු බල සේනාවේ ...................  මොකක්ද ඔය තොරතුර ?



හාමුදුරුවනේ මට කෙනෙකුගෙන් හෝඩුවාවක් ලැබුනා එංගලන්තයේ  සුද්දෙක්  බුද්ධාගම ගැන මොනවදෝ ලියල තියනවලු , මේ පොත දැන්   ලංකාවටත් ඇවිල්ලලු. මේ ගැන සොයා බැලුවොත් හොඳයි කියලා තමයි අපට  හිතෙන්නේ 

අපිට මේ ගැන තව තොරතුරු කියන්න පුලුවන්ද මහත්තයා ? 

එහෙමයි හාමුදුරුවනේ , අපිත් ටිකක් සොයා බැලුවා එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක් , දන්නවනේ ඔය සුද්දෝ ඉන්නේ බුද්ධාගම නැති කරන්න ඇඟිලි ගැන ගැනනේ  , ඉතින් හෝඩුවාව ආපු ගමන් තමයි හාමුදුරුවනේ ටෙලිපෝන්  කලේ. මේ පොතේ නම   ලයිට් ඔෆ්  ඒෂියා කියලා තියෙන්නේ . ගුණසේන පොත් සාප්පුවෙත් විකුනන්න දාල තියනවා කියලයි මට තොරතුර දුන්න කෙනා කිව්වේ . මේකට  විරෝධතාවක් කරන්න බැරිද හාමුදුරුවනේ ?

පොඩ්ඩක් ඉන්න මහත්තයා මම ඔය පොත ගැන තොරතුරු ලියගන්නකම් 

එහෙයි පොතේ නම  ලයිට් ඔෆ්  ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ් කියලා සුද්දෙක් 

මොකක්ද කිව්වේ ලයිට්ඔප්  එසිආ  නේද ?

නැහැ හාමුදුරුවනේ ලයිට් ඔෆ්  ඒෂියා ලියලා තියෙන්නේ එඩ්වින් අර්නෝල්ඩ්

හරි මහත්තයා අපි අනිවාර්යෙන්ම මේ ගැන හොයල බලනවා , ගුණසේන සාප්පුවෙත් මේක විකුනන්න දාල නේද කිව්වේ ?

එහෙයි හාමුදුරුවනේ , අපේ මිනිස්සු දන්නේ නැද්ද සල්ලි වලට ඕන කුණු ගොඩක් විකුනනවනේ. 

ඒකනම් එහෙම තමයි මහත්තයා අපි මේ ගැන හොයලා බලනවා , මුලින්ම අපි බුද්ධ සාසන අමාත්‍යංශයට  දන්වනවා මේ ගැන.  එහෙන් පියවරක් ගත්තේ  නැත්නම් අපි ගෙහුං පොත් කඩ වටලලා හරි මේ පොත තහනම් කරනවා 

ලොකු දෙයක් හාමුදුරුවනේ අපෙනුත් ඕන සහයෝගයක් තියනවා , එහෙනම් අවසර 

හොඳයි මහත්තයා තෙරුවන් සරණයි

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails