Ads 468x60px

.

කඹුරාදෙණිය භික්ෂුණී ආරාමය අසල සිදුවූ මාරක රිය අනතුර.

මෙම අනතුර සිදු වූ ස්ථානය මාරක කපොල්ලක්

එම ස්ථානයේ විශාල ගලක් සමග වංගුවක්...

නිතරම මෙම ස්ථානයේ බිහිසුණු රිය අනතුරු සිදුවනවා...

කොළඹ නුවර මාර්ගයේ කි.මී.52 කනුව අසල පිහිටි කඹුරාදෙණිය භික්ෂුණී ආරාමය ඉදිරිපිට දී ඊයේ ( 09) අළුයම 4.30 ට පමණ සිදු වූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මරුමුවට පත් වුනා

මෙම පුද්ගලයන් තිදෙනා රැගත් ත්‍රීවිලර් රථය, කන්ටේනර් රථයක ගැටීමෙන් මොවුන් මරුමුවට පත් වී තිබෙන අතර ත්‍රීවිලරයට බරපතල හානි සිදු වී තිබෙනවා

මෙම ත්‍රිවිලරය සහ කන්ටේනරය
මේ වනවිට නිට්ටඹුව පොලිසියට රැගෙන ගොස් තිබෙනවා. මියගිය තිදෙනාගේ සිරුරු වරකාපොල සහ කෑගල්ල රෝහල් හී තබා තිබෙනවා. මෙම අනතුර සිදු වූ ස්ථානය මාරක කපොල්ලක් බව පවසනවා

එම ස්ථානයේ විශාල ගලක් සමග වංගුවක් පිහිටීම නිසා නිතරම මෙම ස්ථානයේ බිහිසුණු රිය අනතුරු සිදුවන බව වාර්තා‍ වෙනවා.

ත්‍රිරෝද රියැදුරා වූ පිළියන්දල පදිංචිව සිටි ලොකු කොඩිකාරගේ බන්දුල ප්‍රදීප් (32) හා එහි ගමන් ගත් බටුවත්තේ පදිංචිව සිටි හැට හතර හැවිරිදි විජේසූරියගේ සිරිසේන, මාලබේ පදිංචිව සිටි හෙයියන්තුඩුවගේ විජේදාස (63) මහත්වරුන් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. 

කන්ටේනර් රථය ත්‍රිකුණාමලයේ සිට කොළඹට යමින් සිට ඇති අතර ත්‍රිරෝද රිය කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබී ඇත. අනතුරවීමත් සමඟම තුවාල ලැබූ දෙදෙනකු වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

අනෙක් තැනැත්තා කෑගල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. ඔහු ඊයේ (09) සවස මියගිය බව පොලිසිය කීය.කන්ටේනර් රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.


 
Related Posts with Thumbnails