Ads 468x60px

.

දරුවා මළපහ කලපසු මව ඇසිඩ්වලින් පසුපස හෝදලා.

මව අතින් වූ වැරදීමෙන් සිඟිති දරුවා මර හඬ දෙයි...

වතුර බෝතලයක් වෙනුවට ඇසිඩ් බෝතලයක් දීලා..

ගලිගමුව, කොබ්බෑවල ප්‍රදේශයේ මවක් තම දරුවා මළ පහ කිරීමෙන් පසු පසුපස සේදීමට වැරදීමෙන් ඇසිඩ් මිශ්‍ර ජලය පාවිච්චියට ගැනීම නිසාපිළිස්සුම් තුවාල ලැබූ දරුවා බරපතල තත්ත්වයෙන් ඊයේ (09) සවස කෑගල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම දරුවා මලිත සංදීප නැමැති වයස අවුරුදු 1යි මාස 6
ක දරුවෙකි. මෙම කාන්තාව රබර් කිරි කැපීමේ වෘත්තියේ නිරත වන අතර ඇය සිය දරුවා ද සමඟ රබර් කිරි කැපීමේ යෙදෙන සිය මිතුරියකගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී සිය සිඟිති දරුවා තමන්ට මළපහ කිරීමට

අවශ්‍ය බව පවසා තිබෙනවා. දැරුවා මළපහ කිරීමෙන් පසු අදාළ නිවසේ මිතුරිය ගෙන් දරුවා සේදීමට වතුර ඉල්ලා තිබෙනවා. ඇය ලබා දුන් වතුර බෝතලයෙන් දරුවාගේ පසුපස සෝදද්දී දරුවා මර හඩ තලමින් කෑ ගසා තිබෙනවා.

පසුව සොයා බලද්දී එය ඇසිඩ් මිශ්‍ර වතුර බව දැන ගත් බව දරුවා වහා කෑගල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා
.

මේ දිනවල පවත්නා දැඩි නියඟය හේතුවෙන් වතුර බෝතල වලට එකතු කර පාවිච්චියට ගන්නා නිසා එවැනි වතුර බෝතල් තබා තිබූ ස්ථානයක මෙම ඇසිඩ් මිශ්‍ර බෝතලයද තබා තිබෙන්නට ඇතැයි කෑගල්ල පොලිසිය විශ්වාස
කරනවා. වැඩි දුර පරීක්‍ෂණ කෑගල්ල පොලිසිය විසින් සිදු කරනවා.
 
Related Posts with Thumbnails