Ads 468x60px

.

තමා නැරඹීමට ගියවිට මැච් පරදින බව ජනපති පිළිගනී

ජනාධිපතිතුමා එකවරම ක්‍රීඩාංගනයට ගියේ ඉන්දීය බුකී කරුවන් ආරාධනා කරපු හින්දලු...

පසුගිය දෙවතාවකදීම අවසන් මහා තරඟ නැරඹීම සඳහා තමා ගිය විට එම තරඟ දෙකම ශ්‍රී ලංකාව පැරදුන බවත් එහෙයින් මෙවර අවසාන තරඟය රූපවාහිනියෙන් නැරඹීමට තමා වඩාත් ප්‍රිය කරන බවත් ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසූවා. 

බව ‘Times of India’ ("We have lost both the times I have gone to the ground, so I now prefer to watch cricket on TV," he said in a lighter vein, ) පුවත් පත වාර්තා කර තිබෙනවා.

නමුත් රටේ අවාසනාවට මෙම මහා අවසන් තරඟයත්

සජීවී ව නැරඹීමට රාජපක්ෂ ජනාධිපතිවරයාට සිත් දී තිබේ. පසුගිය ඉරිදා (07) T20 අවසාන මහා තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීම පිළිබඳව දැන් විවිධ කටකතා පැතිර යමින් පවතී. 

ඉන්දීය බුකී කරුවන් මෙම අවසාන මහා තරඟය ‘Match Fixing’ කළ එකකැයි ඊයේ වන විට ජාත්‍යන්තර ජනමාධ්‍ය වල කතාබහට ලක් වී තිබේ.

රූපවාහිනියෙන් තරඟය නැරඹීමට සිටි ජනාධිපතිතුමා එකවරම එම තීරණය වෙනස් කොට තරඟය සජීවීව නැරඹීම සඳහා ක්‍රීඩාංගනයට ගියේ ඉන්දීය බුකී කරුවන්ගේ ආරාධනය මත බව මේ වන විට රාවයක් පැතිර යමින් පවතී. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් අවසාන තරඟයක් නැරඹීමට පැමිණියොත් එය පරාද වන බවට දැඩි මතයක් ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවී තිබේ. 
පසුගිය අවසන් තරඟ දෙකකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා පැමිණියත් අවසානයේ සිදුවුයේ පරාජයේ වේදනාවට හසුවූ ක්‍රිකට් ලෝලීන්ගේ චෝදනා වලට ලක්වීමටය.

කෙසේ නමුත් මෙම කාරණය ජනාධිපතිවරයාද මාධ්‍ය හමුවේ සාකච්චාවක් ලබාදෙමින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා මෙම සාකච්චාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟාවලියට පෙර ලබා දී තිබුනේ "ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වෙතය.


එහිදී අදහස් දක්වා ඇති ජනපති කියා ඇත්තේ පසුගිය දෙවතාවකදීම අවසන් මහා තරඟ නැරඹීම සඳහා තමා ගිය විට එම තරඟ දෙකම ශ්‍රී ලංකාව පැරදුන බවත් එහෙයින් මෙවර අවසාන තරඟය රූපවාහිනියෙන් නැරඹීමට තමා වඩාත් ප්‍රිය කරන බවය.

කෙසේ නමුත් අප වෙත වාර්තා වන්නේ ජනපති ඉන්දියානු මාධ්‍යවේදීන්ට කියූ පරිදිම මෙවර අවසන් තරගාවලිය නැරඹීමට ක්‍රීඩාංගනයට පැමිණීමේ අදහසක් තිබී නැත.

නමුත් ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම තුලින් කොදෙව් ක්‍රීඩකයන් දිගින් දිගට දැවී යනවිට ක්‍රීඩාංගනයේ සිටි ඉහල නිලධාරියෙක් ජනපති වෙත දුරකතනයෙන් කතාකොට පවසා ඇත්තේ තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට යන බැවින් හැකිනම් පැමිණෙන ලෙසයි.



එහෙයින් මෙවර ‘Match Fixing’ චෝදනාව එල්ල වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ය.

ජනපති එදින අවසන් තරඟය නැරඹීමට පැමිණි සිටි අයුරු.


 
 
Related Posts with Thumbnails