Ads 468x60px

.

ඇඳුම් ගලවා දැමූ කාන්තාවන් නිරුවත් විරෝධතාවක...

ශරීර වල AIDS CUTS KILL ලෙස ලියා ගෙන...

නිරුවත් වූ පිරිමින් 4 දෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන...

ඒඞ්ස් වැලඳුන මිනිසුන් පීඩාවට... 

ඇමරිකානු නියෝජිත මණ්ඩලයේ කතානායක ජෝන් බොයෙනර් ගේ කාර්යාල ලොබියේදී ඇඳුම් ගලවා දැමූ කාන්තා ඒඞ්ස් කි‍්‍රයාකාරීන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

උද්ඝෝෂකයන් කියන්නේ ඔවන්ට අවශ්‍ය වුනේ වියදම් කපා හැරීමේ නිරුවත් සත්‍යය පෙන්නුම් කිරීමට බවයි. ජනවාරියේ සිට සිදුවන වියදම් කපා හැරීම වැලැක්වීමට බොයෙනර් සාකච්ජා කරමින් සිටිනවා. 

මෙම වියදම් කපා හැරීමෙන් අත තැබීම නුසුදුසු වූ මෙඩිකේඞ් ව්‍යාපෘතියට බලපෑම් සිදුවෙනවා. මෙම තිදෙනා ශරීර වල AIDS CUTS KILL ලෙස ලියා ගෙන සිටි අතර උද්ඝෝෂණය සඳහා නිරුවත් වූ
පිරිමින් 4 දෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටියහ ’’ඒඞ්ස් වැලඳුන මිනිසුන් පීඩාවට පත් වෙනවා.

“කුමක් කරන්නද සටන් කරමු’’ යන පාඨය ඔවුන් සහ ඇඳුම් ඇඳ සිටි අනෙක් උද්ඝෝෂකයන් විසින් හඬනගනු ලැබුනා. කාන්තාවන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ  නැවත ඇඳුම් ඇඳගෙන එලියේ අන් උද්ඝෝෂකයන් අතර ගැවසෙමින් සිටියදීය නිරුවත් වූ පිරිමි උද්ඝෝෂකයන් පලා ගොස් තිබුනා.

ඒඞ්ස් වැලඳුන අය ප‍්‍රපාතයට තල්ලු කිරීමෙන් හෙම්බත්ව සිටින බවත් ඔවුන් පසුපස එලවීම නතර කල යුතු බවත් අත් අඩංගුවට පත් වූ 40 හැවිරිදි ජෙනිෆර් ෆ්ලින් කියා සිටී. 26 හැවිරිදි ටික්ලි කියා සිටියේ තමන් HIV ආසාදිත අයෙක් වන අතර මෙඩිකේඞ් ආධාර මග යැපෙන බවයි.
මෙම වැඩසටහන් කපා දැමීම භයානක බව ඔහු කියා සිටිනවා

අසභ්‍ය සහ අවිනීත භාවය පිලිබඳ චෝදනා යටතේ කාන්තාවන් තිදෙනාට දඬුවම් නියම කර තිබෙනවා. සෙනසුරාදා ලෝක ඒඞ්ස් දිනය වෙනුවෙන් වොෂිංටනයට රැස්වූ ඒඞ්ස් ක‍්‍රියාකාරීන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.



 
Related Posts with Thumbnails