Ads 468x60px

.

අඹන්පොලදී ත්‍රීරෝද රිය දුම්රියේ ගැටී හත්දෙනෙක්‌ මියයන්නට හේතුව...

අඹන්පොල ප්‍රදේශයේ අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක ඊයේ (28 දා) උදේ 9.30 ට පමණ ත්‍රීරෝද රියක්‌ දුම්රියක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් හත්දෙනෙක්‌ ඛේදජනක අන්දමින් ජීවිතක්‍ෂයට පත්වුනා.

අඹන්පොල කිරිමැටියාව අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී සිදුවූ මෙම අනතුරින් බියගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, පුතා, දියණිය සහ ඔවුන්ගේ ඥතීහු තිදෙනෙක්‌ද මිය ගි
යා.


ත්‍රිරෝද රිය දුම්රියේ ගැටී එහි පැටලී අඹන්පොල දෙසට මීටර 400 ක්‌ පමණ දුරට දුම්රිය නතර කරන තෙක්‌ ඇදී ගොස්‌ තිබෙනවා. උදය ආසිරි, ඔහුගේ බිරිඳ, දුව සහ පුතා එම ස්‌ථානයේදීම
මියගොස්‌ ඇති අතර ඔවුන්ගේ සිරුරුවල කොටස්‌ දුම්රිය මාර්ගයේ තැනින් තැන වැටී තිබී තිබුනා.

ත්‍රිරෝද රථය පැදවූ ඩබ්. එම්. උදය ආසිරි විජේකෝන් (38), ඔහුගේ බිරිඳ තමරා රෝහිණී (36), පුතා ඩබ්. එම්. නිසල විජේකෝන් (05) සහ දියණිය ඩබ්. එම්. උපේක්‍ෂා හේමමාලි (16) එම අනතුර සිදුවූ ස්‌ථානයේම මියගොස්‌ තිබෙනවා. ඔවුන් සමඟ පැමිණි අසල්වැසි පවුලක මව සහ දියණියන් දෙදෙනාද අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස්‌ තිබෙනවා.

උදය ආසිරි විජේකෝන්ගේ මව සහ පියා අඹන්පොල අමුණුගම පදිංචිකරුවෝ වෙති. ඔහුගේ බිරිඳගේ ගම අඹන්පොල නෙලුම්පත්වැව ගම්මානයයි. මොවුහු විවාහ වී කඩවත බියන්විල ප්‍රදේශයේ පදිංචිව සිටියහ. තම මව්පියන් බැලීම සඳහා දරු දෙදෙනා සහ අවට හිතවත් පවුලක තිදෙනකු සමඟ සඳුදා පෙරවරුවේ අඹන්පොල අමුණුගමට පැමිණ ඇත. 

අඟහරුවාදා පෝය දින බිරිඳ ඇයගේ නිවසේ නතර කළ උදය ආසිරි තම මුල්ගම වූ අමුණුගමට පැමිණ එදින රාත්‍රිය තම මව හා පියා සමඟ එහි ගතකර ඇත. ඔවුන් ඊයේ උදේ ත්‍රිරෝද රියෙන් නෙලුම්පත්වැව ගම්මානයට ගොස්‌ ඇත. මේ පිරිස අඹන්පොල දැතව පිහිටි දේවාලයකට යමින් සිටියදී මෙම අනතුරට ලක්‌ව තිබේ. QJ 9502 දරන ත්‍රිරෝද රථයෙන් ඔවුන් ගමන් කර තිබේ.

මෙම අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේ කලකට පෙර බම්බු ගේට්‌ටුකරුවන් සිටියත් පසුව ඔවුන් සේවයෙන් ඉවත්කර තිබේ. මෙම අනතුරුදායක ස්‌ථානයට දුම්රිය ගේට්‌ටු ලබා දෙන ලෙස මීට පෙරද ඉල්ලීම් කළත් ඒවා නිෂ්ඵල වීම මෙම
ඛේදවාචකයට ප්‍රධාන හේතුවක්‌ වී තිබේ.

ඒ පිළිබඳව අනතුර සිදුවූ ස්‌ථානයේ දී අපට හමුවූ ප්‍රදේශවාසීන් කිහිප දෙනකුම පවසා සිටියේ මෙවැන්නකි.

"අවාසනාවන්ත ලෙස සිදුවූ මෙම අනතුර පළමු අනතුර නොවෙයි. මීට පෙරද කිහිප අවස්‌ථාවකදීම මෙම ස්‌ථානයේ අනතුරු සිදුවුණා. මේ සම්බන්ධයෙන් කිහිප අවස්‌ථාවකදීම අදාළ බලධාරීන්ට දැනුම් දුන්නත් දුම්රිය හරස්‌ ගේට්‌ටුවක්‌ ලබා දුන්නේ නැහැ. 


එසේ වුණා නම් මෙවැනි ජීවිත රැසක්‌ බේරා ගන්න තිබුණා. දැන්වත් මේ දිහා ඇස්‌ ඇර බලලා ආරක්‍ෂිත දුම්රිය ගේට්‌ටුවක්‌ ලබා දෙන්නැයි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා".











 
Related Posts with Thumbnails