Ads 468x60px

.

තිරුක්කෝවිල් දාගැබ ඩෝසර් කරන තෙක් පුරාවිද්‍යාව සහ පොලීසිය කළේ කුමක්ද?

නැගෙනහිර පළාතේ ඵෙතිහාසික බෞද්ධ උරුමය විනාශ කිරීම පිටුපස කි‍්‍රයාත්මක වන බලවේගය කුමක්ද..?

අක්කරෙයිපත්තුව තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටි සාගම් සෑය නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන තෙක් පොලිසිය නිහඬව සිටීම පුදුමයට කරුණක් බව ජාතික හෙළ උරුමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙන්නේ, පොලිසියේ එම ක‍්‍රියාකලාපය පළාතේ ආගමික සහජීවනයට සහ සමඟියට ද බාධා එල්ල කරන බවයි.

ආගමික වශයෙන් සැක සංකා වර්ධනය වීම ද මේ හරහා සිදුවන බව ඕමල්පේ සෝභිත හිමියන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දිවයිනේ සෑම ස්ථානයකම පිහිටි බෞද්ධ උරුමයන් සහ පෞරාණික වෙහෙර විහාරස්ථාන ආරක්‍ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, ඊට පුරාවිද්‍යා බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වෙනවා.


සෝභිත හිමියන් නිකුත් කල එම නිවේදනය පහතින්...





2012-11-28
අවධානය - ප‍්‍රවෘත්ති කර්තෘ

තිරුක්කෝවිල් දාගැබ ඩෝසර් කරන තෙක් පුරාවිද්‍යාව සහ පොලීසිය කළේ කුමක්ද?

            අක්කරේපත්තුව තිරුක්කෝවිල්හි පිහිටි ඵෙතිහාසික සාගම් සෑය නිදන් කොල්ලකරුවන් විසින් ඩෝසර් යන්ත‍්‍ර යොදාගෙන විනාශ කර ඇති බවත් එයට සම්බන්ධ පුද්ගලයන් හත්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් විමර්ශන ඒකක වාර්තා කර ඇත. නැගෙනහිර පළාතේ ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්තමක් ඇති බෞද්ධ පුදබිම් විනාශ කිරීම සංවිධානාත්මකව සිදුවන බව අප ප‍්‍රකාශ කර සිටියේ වරක් දෙවරක් නොවේ. 

මේ ආකාරයටම මීට මාස දෙකකට පෙර අම්පාර මොට්ටයාගල කුඩා චෛත්‍යයද මේ ආකාරයෙන්ම මුඵමනින්ම ඩෝසර් කර දමා තිබිණි. ඵෙතිහාසික දීඝවාපී චෛත්‍යයටත් පානම පොතුවිල් වල පිහිටි මුහුදු මහා විහාරයටත් මේ ආකාරයටම අබෞද්ධ අසිංහල බලවේග වලින් විශාල තර්ජනයක් එල්ල විය. අද ද එය එසේම පවතී. නැගෙනහිර පළාතේ ඵෙතිහාසික බෞද්ධ උරුමය විනාශ කිරීම පිටුපස කි‍්‍රයාත්මක වන බලවේගය කුමක්ද? එය බෙදුම්වාදී ජාතිවාදී බලවේගයක්ද? එසේනැත්නම් සිංහල බෞද්ධ විරෝධී බලවේගයක්ද? නැතහොත් සංවිධානාත්මක නිදන් හොරු හා ඉඩම් කොල්ලකරුවන්ද?  

මෙය වහාම විසඳාගත යුතු පැනයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙවැනි පෞරාණික ස්ථාන හඳුනාගෙන අඩුම වශයෙන් පුරාවිද්‍යා නාම පුවරුවක් සවිකර පුරාවිද්‍යා බිම් ලෙස නම් කර ඒවා ආරක්‍ෂා කිරීමට පියවර නොගත්තේ මන්ද? බුල්ඩෝසර් යොදාගෙන චෛත්‍ය බිමට සමතලා කර නිදන් හාරන තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ප‍්‍රදේශයේ පොලීසියත් ඇස්කන් පියාගෙන සිටියේ ද?  

මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවීමට ඉඩහැර නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එය නැගෙනහිර පළාතේ ආගමික සහජීවනයට සහ සමගියට ද නරක ප‍්‍රතිවිපාක ඇති කිරීමට හේතුවනු ඇත. ආගමික වශයෙන් සැක සංකා වර්ධනය වීමට ද හේතුවනු ඇත. 

            එබැවින් වහාම නැගෙනහිර පළාතේ පමණක් නොව රටේ හැම බිම්කඩකම ඇති බෞද්ධ උරුමයන් පෞරාණික වෙහෙර විහාරස්ථාන චෛත්‍ය ආරක්‍ෂා කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් හා ආරක්‍ෂක වැඩපිළිවෙලක් සකස් කිරීමට වගකිව යුතු බලධාරීන් සහ නිලධාරීන් කටයුතු කළයුතු බවත් අවධාරණය කරන අතර වගකිව යුත්තන් නිදිගැට හරිනතාක් බලා නොසිට බෞද්ධ ජනතාව තම ඵෙතිහාසික බොදු උරුමය රැුකගැනීම සඳහා වඩවඩාත් සංවිධානාත්මකව පෙරට පැමිණීමට කාලය පැමිණ ඇත.
තෙරුවන් සරණයි!   

ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමි
නායක
 
Related Posts with Thumbnails