Ads 468x60px

.

වරුණ - කාංචනා වෙඩින් එකෙන් පස්සේ මොකද කරන්නේ...

කාංචනා දැක්ක පළමු වතාවේම මට හිතුනා...
හැම දේකටම මගේ කාංචනා මට ශක්තියක්...

කවදා හරි විවාහ වෙන්නට පෙර ගෙදරක් හදලා වාහනයක් ගන්නවා හිතුවා...

ඔහු සුපිරි තරු පොකුරේ බැබළෙන තරුවක්. තරු අතර දිළෙමින් මියුරු ගී ඔබට තිළිණ කළ ඔහු වරුණ මධුසංඛ. 

කලක් නිහඬව ගත කළ වරුණගේ ජීවිතය දැන් අලුත් සුන්දර වෙනසකට ලක් වෙලා. 

කාංචනා මනෝරි සමඟ අතිනත ගත් වරුණ පසුගිය දා ජීවිතයේ සොඳුරු ගමනේ පියවර තැබුවා. මේ සරසවිය ඒ ගැන කළ පුංචි කතා බහක්.

වරුණගේ ජීවිතයේ සුන්දරතම කඩඉමකට එළැඹුනා නේද ?
ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. මම පසුගිය 24 වැනි දා විවාහ දිවියට එළැඹුනා. ඇය කාංචනා මනෝරි. එදාම තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වුණා. මගේ දෙවැනි ගීත එකතුවේ පළමු වැනි ගීතයත් එදා එළි දුටුවා. පසුගිය 25 වැනි දා අපි අපේ නව නිවහනටත් පදිංචියට ආවා.


සුවිශේෂී සිදුවීම් පෙළක්. මුලින්ම කියමු ඇය ගැන?
ඇය කාංචනා මනෝරි. මෙවර වෛද්‍ය විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇය ඇත්තටම මා තේරුම් ගත් අයෙක්. මගේ කලා කටයුතුවලට වගේම රාජකාරි කටයුතු වලටත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. එක වහලක් යටට ඇවිත් වැඩි කලක් නැහැ. බොහොම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ජීවත්වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

දෙන්නගේ පේ‍්‍රම කතාව ගැනත් කිව්වොත්?
අපි හඳුනාගෙන අවුරුදු එක හමාරක් විතර වෙනවා. මගේ නංගිගේ මාර්ගයෙන් තමයි ඇය හඳුනා ගත්තේ. කාංචනා දැක්ක පළමු වතාවේම මට හිතුනා ඇය තමයි මගේ ජීවන සහකාරිය වෙන්න සුදුසුම කෙනා කියලා. මම හැමදේම අමිමාට කියනවා. 

අපි යාළුවෝ වගේ. ඒ නිසා එදාම මම මගේ අදහස අම්මාට කිව්වා. ඊට පස්සෙ හඳහන් ගලපල නැකත් බලලා හැමදේම සූදානම් කළා. ඇගේ හඳහන තමයි මගේ හඳහනට ගැලපුන පළමු හඳහන. ඇත්තටම විවාහය ජීවිතයේ ලොකු වෙනසක් කළා. ගොඩක් සතුටුයි .

අලුත් ගීත ඇල්බමය ගැනත් කියමු නේද?
‘පෙම් කිඳුරා’ නම් මෙම ගීතය මම කළේ කාංචනා වෙනුවෙන්. එහි නිරූපණය කරන්නෙත් කාංචනාම තමයි.


අලුත් ගීත එකතුව ගැන වගේම එළිදක්වන දවස ගැනත් කිව්වොත්?
මේ සඳහා තවම නමක් තීරණය කරලා නැහැ. මෙහි ගීත 12 ක් ඇතුළත්. ගීත පහක සංගීතය නිර්මාණය කළේ මම. අනෙක් ඒවා ප්‍රවීණ අය විසින් සිදු කළේ. මෙම ගීත එකතුවට දේශාභිමානී, ආදර ගීත වගේම මවු ගුණ ගීතත් ඇතුළත්. 

ඒ වගේම මගේ පළමු ගීත එකතුවේ නොතිබුණ වේග රිද්ම ගීත කිහිපයකුත් මේ සඳහා එක් කළා. ප්‍රසංග වේදිකාව අරමුණු කරගෙන තමයි ඒවා නිර්මාණය කළේ. ළඟදීම මෙම ගීත එකතුව මගේ රසිකයන් අතට පත් කරන්නට සූදානම්.

කාලයක් නිහඬව සිටියා නේද. කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර?
මා වටා රොක් වුණ මගේ රසිකයෝ හැමදාමත් මා සමඟ සිටියා. මම ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාව සමඟ සම්බන්ධ වුනේ නැහැ. යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වුණා.

වරුණ අලුත් ජීවිතයත් සමඟ බලාපොරොත්තුත් ගොඩක් ඇති නේද?
මම ජීවිතයේ අරමුණු සමඟ ජීවත් වුණ කෙනෙක්. කවදා හරි විවාහ වෙන්නට පෙර ගෙදරක් හදලා වාහනයක් එහෙම ගන්න ඔනි කියන අරමුණුවල මම හිටියා. ඒ අනුව වෘත්තිය වශයෙන් හොඳ ස්ථාවරයක සිට විවාහයට පෙර ඒ හැම අරමුණකටම ළඟා වෙන්න මට හැකියාව ලැබුණා.

ඒ අනුව ජීවිතය සාර්ථකව ගෙවන අයුරින්ම සංගීත ක්‍ෂේත්‍රයේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදියට ගොඩක් දේ කරන්නට බලාපොරොත්තුව ඉන්නවා. මේ හැම දේකටම මගේ කාංචනා මට ශක්තියක්.





























 
 
Related Posts with Thumbnails