Ads 468x60px

.

මීරිගම ගනේගොඩ ත්‍රිරෝද රියක්‌ දුම්රියේ හැපේ - තරුණයෝ දෙදෙනෙක්‌ අවසන් ගමනේ...

හූ හඬ දීගෙන නුවර සිට ශීඝ්‍රගාමී දුම්රිය ආවා...

වීල් එක නැවතුණා. මම කෑ ගහගෙන පැන්නා.

මා ඇදගෙන වැටුණා. මට එපමණයි මතක....

ඊයේ (1 දා) උදැසන මීරිගම ගනේගොඩ දුම්රිය හරස්‌ මාර්ගයේදී ත්‍රිරෝද රථයක්‌ දුම්රියේ ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස්‌ එක්‌ අයෙකුගේ ජීවිතය බේරී තිබුනා. මියගොස්‌ සිටින්නේ මරදගහමුල හුණුමුල්ලේ පදිංචිව සිටි ජනක සම්පත් (28) හා කේ. ඒ. එස්‌. වීරසිංහ (38) නමැති දෙදෙනායි. 

පස්‌යාල ඇල්ලී ආයතනයේ සේවය කරන මේ තිදෙනා උදැසන වීරසිංහ නමැති අයට අයත් ත්‍රිරෝද රථයෙන් රැකියාවට යමින් සිටියදී මෙම අනතුරට ලක්‌වී තිබෙනවා

නුවර කොළඹ නගරාන්තර දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය මීටර් 100 ක්‌ පමණ දුරට උඩින් ගොස්‌ වැටී ඇති අතර එහි සිටි තරුණයෝ දෙදෙනකු එතනම මියගොස්‌ තිබෙනවා. අනෙකා දිවිගලවාගෙන තිබෙනවා

 
මියගිය දෙදෙනාගේ සිරුරු වතුපිටිවල රෝහලට පිටත් කර යෑවූ මීරිගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු අනතුර පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.

මෙම අනතුරින් දිවි ගලවාගත් මරඳගහමුල පින්නකැලේ පදිංචි එච්. ඩී. දුමින්ද චම්පික (34) අනතුරක්‌ නොමැතිව සිටියත් දැඩි කම්පනයට ලක්‌වී සිටී. ඔහු අදහස්‌ දක්‌වමින් මෙසේ ප්‍රකාශ කළේය.

"අපි තුන්දෙනා හැමදාම වීරසිංහට අයත් වීල් එකේ ඇල්ලී ආයතනයේ සේවයට යනවා. අදත් එහෙම යද්දී වර්ෂාව නිසා ප්‍රමාද වුණා. ගනේගොඩ දුම්රිය හරස්‌ මාර්ගය අසලදී උදැසන 8.00 ට පමණ දුම්රිය ගේට්‌ටුවේ සංඥ හඬ නිකුත් වුණා. 


එතකොටම කොළඹ සිට ආ දුම්රිය දුම්රිය පළේ නැවැත්තුවාට පසු වීරසිංහ වීල් එක දුම්රිය හරහා දැම්මා. එතකොට හූ හඬ දීගෙන නුවර සිට ශීඝ්‍රගාමී දුම්රිය ආවා. වීල් එක නැවතුණා. මම කෑ ගහගෙන පැන්නා. මා ඇදගෙන වැටුණා. මට එපමණයි මතක. මගේ යාළුවෝ දෙන්නා වැටී සිටියා. ඔවුන් මියගොස්‌ ඇති බව රැස්‌ව සිටි අය කියනවා හීනෙන් වගේ ඇසුණා.

එම ස්‌ථානයට පැමිණි හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. වී. ජයසූරිය මහතා මෙසේ ප්‍රකාශ කළේය. මෙම ස්‌ථානයේ අනතුරු සිදුවුණා. ඒ නිසා අපි සහ මාධ්‍ය පෙන්වාදී දුම්රිය සංඥ පුවරු සවි කළා. නමුත් තාම අනතුරු සිදුවෙනවා.
 
Related Posts with Thumbnails