Ads 468x60px

.

ලෝකල් ඇඩ් ක්ලික් වලට මොකද වෙන්නේ...

ලක්ෂ ගණන් වැය කල පුද්ගලයන්ට සත පහක්වත් ලැබී නෑ...

සිව්දෙනෙකු අත්අඩංගුවට...

ලෝකල් ඇඩ් ක්ලික්වෙබ් අඩවියේ පවසන අන්දමට $500 (ලංකා මුදලින් රුපියල් 60000 පමණ) ගෙවා ලියාපදිංචි විය යුතු අතර එම වෙබ් අඩවිය විසින් සතියකට $50 වැඩ ලබාදීමක් සිදුකරනු ලබන බව පවසයි. (මෙම සතියේ ගෙවීම සිදුකරනු ලබන්නේ වෙබ් බැනර් 5 ක් නැරඹීම සඳහාය).


පසුගිය මැයි මාසය අප පල කල ලිපිය මගින් පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙය පිරමිඩ ක්‍රමයක් බවත් මුලින් එකතුවන්නන්ගේ මඩිය තදකොට අවසානයේ එකතුවුවන් හට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්වයට පත්වන බවයි. 
එම ලිපිය පල කිරීමත් සමග ලෝකල් ඇඩ් ක්ලික් සාමාජිකයන්ගෙන් විවිධ අපහාස හා තර්ජන අප වෙත එල්ලවූ අතර ඔවුන් කියා සිටියේ මෙය පිරමිඩ ක්‍රමයක් නොවන බවත් ලංකාව තුල නිත්‍යානුකුලව ක්‍රියාත්මක වන්නක් බවය. 

කෙසේ නමුත් එම ලිපිය අවසානයේ අප කල ඉල්ලීමට අනුව ලෝකල් ඇඩ් ක්ලික් ව්‍යාප්ත කරන පුද්ගලයන්ගේ විස්තර අප වෙත ලැබුණු අතර අප ඒවා නිසි තැන්වලට යොමුකරනු ලැබුවෙමු. 

නමුත් එම අංශයන්හි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්කල්හි මාස ගණනක් තුල මෙම ගැටලුව ඔඩු දුවන තත්වයට පත්ව ඇත්තේ අහිංසක මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරමිනි. ඒ අනුව මෙහි ලියාපදිංචිය සඳහා ලක්ෂ ගණන් වැය කල පුද්ගලයන්ට සත පහක්වත් නොලැබී ගිය කල ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පිළියන්දල පොලිසිය විසින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 


ඔවුන්ට විරුද්ධව ඉදිරියේ නිතිය ක්‍රියාත්මක වීමටත් සෑම පිරමිඩ ජාලයකට සිදුවුවාසේම එහි අවසානය දැකීමටත් ලෝකල් ඇඩ් ක්ලික් ව්‍යාපෘතියට වැඩිකල් නොගොස් සිදුවන්නේය.

මේ දිනවල අන්තර්ජාල හරහා සැරිසරන ලෝකල් ඇඩ් ක්ලික්...

 
Related Posts with Thumbnails