Ads 468x60px

.

මිනිස් බසින් කතා කරන ඇතෙක්...

හෙලෝ, නෑ, ඉඳගන්න, ඇලවෙන්න හා හොඳයි වචන හොඳින් කතා කරනවලු

මේ ඇතාගේ නම කොෂික්...

මිනිස් බසින් කතා කරන ඇතෙකු පිළිබඳ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා.

මෙම අපූරු හැසිරීම් රටාව ඉදිරිපත් කර ඇත්තේ දකුණු කොරියාවේ එවර්ලන්ඞ් සත්ත්ව උද්‍යානයේ
වෙසෙන කොෂික් නම් ඇතාය.

හොඬවැල සිය මුව තුළට ගැනීමෙන් මිනිස් හඬ ට සමාන හඬක් නැගීමට මෙම ඇතා සමත් බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

කොෂික් ගේ මෙම අසාමාන්‍ය භාෂා හැකියාව පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයක් මේ වන විට ’කරන්ට් බයොලොජි’ නම් සඟරාවක පළ කර තිබෙනවා.


පර්යේෂකයන් පවසන්නේ කොරියානු බසින් හෙලෝ, නෑ, ඉඳගන්න, ඇලවෙන්න හා හොඳයි යන අර්ථ ගෙන දෙන වචන පහක් පැහැදිලි ලෙස හඬනැගීමට කොෂික් සමත් වී ඇති බවයි.

මේ අනුව, මීට කලින් මිනිස් හඬ අනුකරණය කරන ගිරවුන්, මයිනන්, මුහුදු සිංහයන් හා තල්මසුන් වැනි සත්ත්වයන් රැසකගේ නම් වලට කොෂික් ද එක් වෙනවා.
 
Related Posts with Thumbnails