Ads 468x60px

.

මහ දවල් මහ සෙනගක් මැද ගාල්ල ඩික්මන් හන්දියේ සිද්ද උන මිනීමැරුම..

මන්නාවලින් ඔහුගේ අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමලා ...

අවට ජනතාව ඒදෙස බලා සිටියත් කිසිවක් කරන්නට කිසිවෙකු ඉදිරිපත් වී නෑ..

යතුරු පැදියක ආ පුද්ගලයෙකුව ලූහුබැඳ ආ වෑන් රථයක සිටි පිරිසක් ඔහුව හප්පා බිම වැටුණ පසු තියුණු ආයුධ වලින් අත් පා කෑලි කැපීයන සේ කපාකොටා පළාගොස් තිබුනා. 

ඒ අවස්ථාවේ පුද්ගලයා මිය නොගොස් හොඳ සිහියෙන් සිටියත් කැඩුණු අත් පා නැතිව අමාරුවෙන් වටපිට බලමින් නැගිටින්නට හදද්දී පොලිස් නිලධාරීන් හෝ මහජනයා ඔහුට උදව් කරන්නට පැමිණ නැත.

පසුව ඇම්බියුලන්ස් රථයක් එතැනට ගෙනවිත් ඔහුව රැගෙන ගියත් අතරමගදී ඔහුව මරුමුවට පත්ව තිබෙ
නවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, දංගෙදර පදිංචි ව්‍යාපාරිකයකු සහ දේශපාලන සම්බන්ධකම් තිඛෙන කුමාර සෙනෙවිරත්න නැමැති අයෙකු බව පැවසෙනවා.



දංගෙදර ප්‍රදේශය හරහා පසුගිය 25 වනදා දවල් 1.00 ට පමණ යතුරු පැදියක නැග ගාල්ල, ඩික්මන් හන්දිය දෙසට ඔහු ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථය යතුරුපැදියේ හප්පා ඇති අතර, එම අවස්ථාවේ කුමාර සෙනෙවිරත්න යතුරුපැදිය සමග මහ පාරේ ඇද වැටී ඇත. 


අනතුරුව වෑන් රථයේ සිටි පිරිස එළියට පැන කඩුවලින් සහ මන්නාවලින් ඔහුගේ අතක් සහ කකුලක් වෙන් වන්නට කපා දමා පළා ගොස් තිඛෙනවා. අවට ජනතාව ඒදෙස බලා සිටියත් කිසිවක් කරන්නට කිසිවෙකු ඉදිරිපත්ව නැත. අසළ රථවාහන හැසිරවීමේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සේවයේ සිටියත් ඔවුන්ද පැමිණ නැත.

මියගිය තැනැත්තා දංගෙදර සමගි වත්තේ පුද්ගලයෙකු බවත් දංගෙදර සමගි වත්ත හා කනම්පිටියේ බංගාලි වත්ත අතර කාලාන්තරයක් තිස්සේ පවතින ගැටුම මේ ආරවුලට හේතුවන්නට ඇති බවත් පැවසෙන අතර එම ගැටුම් පිළිබඳ දන්නා නිසා ඇතැම් පොලිස් නිලධාරීන් පවා මේ ආකාරයේ සැහැසිකම් නොදන්නා ගාණට සිටීම දැන් පුරුද්දක් බවත් ප්‍රදේශවාසීන් පවසනවා.


ටිකවේලාවකින් කිසිවෙකුගේ දැනුම්දීම මත පැමිණි ගිලන් රථයකින් තුවාලකරු ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇතත් අතරමගදී ඔහු ජිවිතක්ෂයට පත් වී තිබුණා.


ඝාතනයට ලක් වූ කුමාර සෙනෙවිරත්න යන අයගේ සොහොයුරෙකු වූ ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දුෂ්‍යන්ත සෙනෙවිරත්න නැමැති අයද මීට පෙර හදිසියේ වෙඩි තබා ඝාතනය කර තිඛෙන බව වාර්තා වුණා.ඒ මේ ගැටුම් වල ප්‍රථීඵල ලෙසයි.

මෙම සිද්ධියේදී රථවාහන රාජකාරි කරන පොලිස් නිලධාරීන් පණ අදින පුද්ගලයා අසළට නොපැමිණ නොදැක්කා වගේ බලා සිටි බවත් ගිලන් රථය පිටත්වී ටික වේලාවකට පසු වටේ ඉන්න අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් වාර්තා වුණා.


මහමග අත් පා කෑලි කර දැමූ පසු කුමාර කිසිවෙකුගේ හව්හරණක් නැතිව මිනිත්තු ගණනාවක් තිස්සේ නැගිටින්නට වෙර දරා තිබූ අතර තමන්ගේ වෙන්ව ගිය අත හා පය දෙස බලමින් හූල්ලමින් ඔහු වටපිට බැලු අයුරු සංවේගදායකය.ඔහුව මෙයට පෙර රෝහල් ගත කළේ නම් ඇතැම්විට ඔහුගේ ජීවිතය බේරාගන්නට හැකියාවක් තිඛෙන්නටද ඇත.





මහපාරේ ඔහු වැටී සිටි අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්










===================//===================

Update 10/26/2012 12:55: PM


ගාල්ලේ ඝාතනයට සම්බන්ධ තිදෙනකු හඳුනා ගැනේ


ගාල්ල, ඩික්සන් පාර ප්‍රදේශයේ දී සිදුවු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.


එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.


ඊයේ (25) දහවල් 1.00ට පමණ යතුරු පැදියකින් ගමන් යමින් සිටිය දී අදාළ පුද්ගලයා ඝාතනයට ලක්ව තිබුණේ තියුණු ආයුධයකින් පහරදීමෙනි. 48 හැවිරිදි වියේ පසු වු ඔහු ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.


එම ව්‍යාපාරිකයා ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ නායකවරයාව සිටිය දී ඝාතනයට ලක්වු දුසන්ත සෙනෙවිරත්න මහතාගේ වැඩිමහල් සොහොයුරා ද වන බව සඳහන්ය.
 ===================//===================
Update 10/25/2012 1:55: PM

මහ දවල් මහ සෙනගක් මැද පුද්ගලයෙක් ඝාතනය කෙරේ

අද(25) දහවල් 1.00ට පමණ ගාල්ල, ඩික්සන් හන්දියේදී තියුණු ආයුධවලින් පහර දී අත් පා කපා වෙන්කර පුද්ගලයකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කුමාර සෙනෙවිරත්න නැමති 48 හැවිරිදි සිව්දරු පියෙකි. ගාල්ල පිටදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ව්‍යාපාරිකයෙකු වේ. අද දහවල් එම පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය ප්‍රකාශ කරයි.

ඝාතනයට ලක් වු කුමාර සෙනෙවිරත්න 2009 වසරේ ගාල්ල බෙලිගහ මංසන්ධියේදී ඝාතනය කෙරුණු ගාල්ල මහනගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ දුසන්ත සෙනෙවිරත්න මහතාගේ වැඩිමහල් සහෝදරයාය.

මෙතෙක් සැකකරුවන් හඳුනා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
 
Related Posts with Thumbnails