Ads 468x60px

.

සුසන්තිකාට ගුවන් යානය මඟහැරිලාලු...


මම රට ගිහිල්ලා තියෙනවා ...
සිංගප්පූරුවට විතරක් යන්න තරම් අවශ්‍යතාවක් මට තිබුණේ නෑ..

ඒ බව මගේ විදෙස් ගුවන් බලපත‍්‍රය දැකපූ  ඕනෑම කෙනෙකුට ඔප්පු කරගත හැකියි..

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නම් කරන ලද එහි උප සභාපතිවරියක්‌ වන ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ අවසන් මොහොතේ කිසිවකුටත් නොදන්වා සහභාගිවීමෙන් වැළකී ඇති පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් අපට වාර්තා වන පරිදි ඇය පවසන්නේ ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති මලල කී‍්‍රඩා සංවර්ධන වැඩමුළුවට තමන් සහභාගි නොවූ බවත්, ගුවන් යානය මඟහැරීම එයට හේතුව වූ බවයි.

ඔක්තෝබර් 31 වැනිදා අළුයම තිබූ ගුවන් යානය තමන්ට මඟහැරුණු බව පවසන සුසන්තිකා මහත්මිය, "මම ගුවන් ගමන් හාරසියයක් විතර ගිහිල්ලා තිබෙනවා. ගුවන් ගමනක් කියන්නේ මට අලූත් දෙයක් නොවෙයි. ඒත් ඒක මගහැරුණු එක මට හිතාගන්න බෑ. මට මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ." යයි ප‍්‍රකාශ කරනවා.


තමන් මෙම වැඩමුළුවට සහභාගි නොවී සිංගප්පූරුවට ගොස් හැරී පැමිණි බව ඇතමුන් පැවසුවත් කිසිදු ආකාරයකට රටින් පිට නොවූ බව සුසන්තිකා මහත්මිය සදහන් කරනවා.

"මම රට ගිහිල්ලා තිබෙනවා. සිංගප්පූරුවට විතරක් යන්න තරම් අවශ්‍යතාවක් මට තිබුණේ නෑ. ඒ බව මගේ විදෙස් ගුවන් බලපත‍්‍රය දැකපූ  ඕනෑම කෙනෙකුට ඔප්පු කරගත හැකියි. අනික මේ ගමන මම නොගිය නිසා සිදුවූ විශාල හානියක් ඇත්තෙත් නෑ. ඒ වෙනුවෙන් වියදම් කළ රුපියල් 61500ක ගුවන් ප‍්‍රවේශපත‍්‍රය නැවත ලබාගැනීමටත් කී‍්‍රඩා අමාත්‍යංශයට හැකියාව තිබෙනවා. ඒ නිසා මෙතැනදී කාටවත් ආර්ථික හානියක් සිදුවුණේ නෑ." සුසන්තිකා පවසනවා.

'' මම මේ සිද්ධිය සිදුවූ සැණින් අපේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සුනිල් ජයවීර මහතාට දැනුම් දුන්නා. ඒ වගේම අපේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතාට කෙටි පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒනිසා මම කිසිදෙයක් රහසිගතව කළේ නෑ.’  ඇය පවසා සිටිනවා.

යම් හෙයකින් මේ සිදුවීම මගින් කිසිවකුට හානියක් සිදුවූයේ නම් තමන් කනගාටුවන බවද ඇය ප‍්‍රකාශ කරනවා.

සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙනුවෙන් ගුවන් ප‍්‍රවේශපත‍්‍රය මිලට ගෙන තිබුණේ ඔක්තෝබර් 31 වැනිදා අළුයම 1.30ට සිංගප්පූරුව බලා එස්.කිව් 469 ගුවන් යානයේ පිටත්ව යාමට නියමිතව තිබුනා.

උදෑසන 9.30ට සිංගප්පූරුවේ සිට ජකර්තා බලා පිටත්වයාමට නියමිතව තිබුණේ එස්.කිව්.963 ගුවන් යානයෙනි.

එස්.කිව්.956 ගුවන්යානයෙන් ඇය නොවැම්බර් 4 වැනිදා සිංගප්පූරුව බලා පැමිණීමට නියමිතව තිබූ අතර ශී‍්‍ර ලංකාවට ළඟාවීමට නියමිතව තිබුණේ එස්.කිව්.468 ගුවන් යානයෙනි.


සුසන්තිකා අතුරුදන්..?

 
Related Posts with Thumbnails