Ads 468x60px

.

පික් පොකට් රස්සාවට ආ නිළිය...

දැන් චතුරිකා හඳුන්වන්නේ පික් පොකට් චතුරිකා කියලලු...

ජනපි‍්‍රය නිළියක් වන චතුරිකා පීරිස් මේදිනවල පික් පොකට් රස්සාවකට බැස ඇතැයි වාර්තා වෙනවා.

ඇය මේ පික් පොකට් රස්සාව ආරම්භ කරන්නේ රාතී‍්‍ර අටට පමණ බවද පැවසෙනවා.


කෙසේවුවත් චතුරිකාට මේ රස්සාව ලබාදී ඇත්තේ මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන ඉසුරු සංග්‍රාමය ටෙලිවෘත්තාන්තයේ අධ්‍යක්‍ෂක නාලන් මෙන්ඩිස්‌ මහතා විසිනි.

මේ චරිතය නිසා කේෂ්ත‍්‍රයේ අය දැන් චතුරිකා හඳුන්වන්නේ පික් පොකට් චතුරිකා ලෙස බවද පැවසේ.

ආරංචියේ හැටියට වැඩි විස්තර මෙසේය...

පීරිස්‌ පවුල මෙරට ගුවන් විදුලියේ සිට වර්තමාන ටෙලිවිෂන් කලාව දක්‌වා විවිධ පැතිකඩ ඔස්‌සේ පැවැත එන කලා පරම්පරාවක්‌. චතුරිකා පීරිස්‌ මේ පරම්පරාවේ වර්තමාන කලා ලෝකයේ ජනප්‍රියම රංගන ශිල්පිණියක්‌. ඇගේ සහෝදරිය වන පූර්ණිකා පීරිස්‌ද නිවේදිකාවක්‌ ලෙස බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටිනවා. 

චතුරිකාගේ පරම්පරාවේ නිවේදක නිවේදිකාවන් මෙන්ම ගායක ගායිකාවන් රංගන ශිල්පිණියන් ඒ අතර වෙනවා. එවැනි පසුබිමක්‌ තියෙන චතුරිකා මේ දවස්‌වල පික්‌ පොකට්‌ ගහනවා කියලයි ආරංචිය.

මෙයා හැමදාම රෑ අටට විතර තමයි මේ වැඩේ කරනවා කියන්නේ. ඒ හින්දා කලා ලෝකයේ හැමදෙනාම මේ දවස්‌වල ඇගේ පික්‌ පොකට්‌ ගැහිල්ල ගැන කතා බහවෙනවා. 

ඇය මේ වැඩේ හීන් සීරුවට කරනවා කියලයි ආරංචිය. මගේ තොටේදී ඇයත් සමග කතාබහ කරන්න එන අයට ඇය මේ වැඩේ කරනවා කියලා තමයි ආරංචිය. චතුරිකා පික්‌ පොකට්‌ ගහන්නේ සැබෑවට නම් නෙමෙයි.

ඒ මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන ඉසුරු සංග්‍රාමය ටෙලිවෘත්තාන්තයේ. 

ඉසුරු සංග්‍රාමය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ නාලන් මෙන්ඩිස්‌ මහත්මයා. මෙය නිෂ්පාදනය කරන්නේ ජයන්ත පීරිස්‌. චතුරිකාගේ මේ චරිතය ගැන දැන් දැන් බොහෝ දෙනා කතාබහ වෙනවා. ඒ වෙන කිසිදෙයක්‌ හින්දා නම් නෙමෙයි ඇය මේ චරිතයට කරන උපරිම සාධාරණය හින්දා. 
 
Related Posts with Thumbnails