Ads 468x60px

.

නැව් සමාගමේ කළමනාකරු මරා දැමූ දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා මාට්ටු වෙයි...

නැව් සාමාන්‍යධිකාරීවරයා  හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක්...

නැව් සමාගමක කළමනාකරුවකු පසුගියදා මහ දවල් සිය මෝටර් රථය තුළදී උගුරු දණ්‌ඩ කපා මරා දැමූ පුවතක් මීට පෙර අප ඔබවෙත ගෙන ආවා. 

ඒ අනුව කොළඹ නැවි සමාගමක සාමාන්‍යධිකාරීවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

පසුගිය ඉරිදා (18)  බම්බලපිටියේදී තම රිය තුළ කොස්තා මහතා ඝාතනයට ලක් වුණා. නැව් සාමාන්‍යධිකාරීවරයා  හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියනවා.

පුතා ලවා කළමනාකරු වැල්ලවත්තට ගෙන්වා ගෙන ඇතැයි ද, පසුව පුතා ඔහුගේ රිය ඉදිරි ආසනයේ
ද පියා පසු පස ආසනයේ ද ගමන් කර ඇති බව කියන තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මියගිය තැනැත්තාගේ හිතවතෙකු වන අතර ඔහු මීට වසර තුනකදී මියගිය පුද්ගලයා සමග හිතවත්වූ තැනැත්තෙකි.

සැකකරු හට අයත් කොළඹ ලිබර්ටි ප්ලාසා හි පිහිටි රෙදි අලෙවිසැලේ දී මිතුරු වී ඇති සාමාන්‍යධිකාරීවරයා පසු කාලීනව අලෙවිසැල් හිමිකරුගේ පුත‍්‍රයා සමග මිතුරු වී තිබෙනවා.

මෙසේ මිතුරු වී ඇති සාමාන්‍යධිකාරීවරයා කල්යත්ම අලෙවිසැල් හිමිකරුගේ පුත‍්‍රයාට හිරිහැර කරන්නට පටන් ගෙන තිබෙනවා.

අලෙවිසැල් හිමිකරු එබව දැනගැනීමෙන් අනතුරුව, වෙළදසැල් හිමිකරු සහ ඝාතනයට ලක්වූ සාමාන්‍යධිකාරීවරයා අතර ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව වෙළදසැල් හිමිකරු මෙම ඝාතනය සිදු කොට තිබෙනවා.

නැව් සමාගමක කළමනාකරුවකු ඊයේ (18 දා) මහ දවල් උගුරු දණ්‌ඩ කපා මරා දැමූ හැටි...

 
Related Posts with Thumbnails