Ads 468x60px

.

ග්‍රහලෝක ටික හෙට (21) එකට පිහිටන්නේ නෑ...

ලෝකය විනාශ වනබව සනාථ කිරීම ගෙතූවක්...

මාතලේ ලිඳක් අඩි 30ක් ගැඹුරට ගිලා බසී...
වල්පොල කන්ද ගමක් අතුරුදන් කරයි... 

ග්‍රහලෝක සියල්ල හෙට (21) දිනයේදී එකම රේඛාවකට පැමිණෙන බවට පවතින මතය මුළුමනින්ම අසත්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

අවුරුදු ගණනාවකට සැරය
ක්, මෙලෙස ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණෙන බවත්, එහෙත් හෙට (21) දිනයේදී එවැන්නක් සිදුනොවන බවත්, මහාචාර්යවරයා පවසනවා.

මෙයද හෙට (21) දිනයේ ලෝකය විනාශ වන බවට පැතිරූ බොරු මතය සනාථ කිරීම සඳහා ගෙතූ කතාවක් පමණක් බවත්, ග්‍රහලෝක සියල්ල එක රේඛාවකට පැමිණිවිට

ගුරුත්වාකර්ෂණයට හසු වී මහද්වීප කැඩී යන බවට  බොරු මතයක්ද ඔවුන් පළ කර ඇති බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

එහෙත් එයද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර චන්ද්‍රයාගෙන් පෘථිවියට ඇතිවන ගුරුත්වාකර්ෂණයෙන්  ලක්ෂයෙන් පංගුවක හෝ බලපෑමක් මෙම ග්‍රහලෝකවලින් සිදු නොවන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අවධාරණය කළේය.


ලිඳක් අඩි 30ක් ගැඹුරට ගිලා බසී...

මාතලේ තොටගමුව ප්‍රදේශයේ කොන්ක්‍රීට් වලින් නිම කර තිබූ ලිඳක් අද(20)අඩි 30ක් පමණ ගැඹුරට ගිලා බැස තිබෙනවා. 

 ඊයේ කොස් ගසක් හා කිතුල් ගසක් ගිලා බසින ලද ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් මේය සිදුව තිබෙනවා. භූ විද්‍යාඥ එම් .සී මොරේමඩ මහතා පැවසුවේ පොළව ඇතුලත හුණු ගල් ස්ථරය ඛාදනය වීමෙන් මේ ගිලා බැසීම සිදුව ඇති බවයි. 

කෙසේ වෙතත් මේ අවට නිවෙස් වල ජනතාව මේ පිළිබදව දැනුවත් කොට තිබෙන අතර ප්‍රදේශය අවදානම් කලාපයක් කොට තිබෙනවා.

වල්පොල කන්ද ගමක් අතුරුදන් කරයි...

අවතැන් වූවෝ 200ක් පමණ දෙනා වල්පොලකන්ද ආරිය උපෝසත රාමයේ ලැගුම්ගෙන සිටිනවා. ඔවුනට ඇත්තේ ඇඳි වත පමණකි. 

කන්දට වැසී ගිය එක් ගෙයක වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකය. දෙසීයකට වැඩි පිරිසක් අවතැන් කරමින් වල්පොල කන්ද ඉහළ ජනපදයේ ගෙවල් 18ක් වසා ගනිමින් වල්පොල කන්ද කඩා වැටී තිබෙනවා.අවධානය නිසා ජීවිත බේරී තිබෙන අතර බොහොමයක් ගෙවල් තිබූ තැනින් මීටර් 150 තරම් ඈතට තල්ලු ‍වී තිබෙනවා.

අවතැන් වුවන්ගේ ජීවිත හැර වෙනත් කිසිවක් ඉතිරිව නැති අතර මේ වන විට වල්පොලකන්ද ආරිය උපෝසතාරාමයේ 200කට වැඩි පිරිසක් අවතැන්ව
සිටිනවා. මේ අතර සේරුනුවර සිරි මංගල ගම අද (20)උදේ යට වූ බව වාර්ථා වෙනවා. පවුල් රැසක් අවතැන්ව් සිටිනවා.
 
Related Posts with Thumbnails