Ads 468x60px

.

ලෝක විනාශයට බයේ තැන් තැන් වල යන මිනිසුන්

සමහරු ප්‍රීති සාදයෙන්...

මායා පුරෝකථනය අනුව ලෝක විනාශයක් ගැන දැඩිව විශ්වාස කරන්නන් එම දිනය එළඹෙන හෙට දවස සම්බන්ධයෙන් දැඩි බියෙන් යුතුව ආසන්නයේම පවතින රැකවරණ ස්ථාන කරා රොක් වෙමින් සිටින අතර ලෝක‍යේ බොහෝ කොටස්වල බහුතරයක් එවන් දිනයක් උදානොවන්නේ යැයි සැලකෙන අයුරින් එදින ප්‍රීති සාදයෙන් ගත කරනු ඇතැයි පැවසී තිබෙනවා.

මායාවරුන්ගේ දින දර්ශනයට අනුව වසර 5000 ක යුගාවසානය එළඹෙන හෙටදිනයේ බන්කර තනාගෙන දිවිරැකගන්නන්ගේ සිට ලෝකාවසාන වැඩසටහන් හා ගුප්ත ස්ථාන යන්හි කෙරෙන සංචාර දක්වා ලොවපුරා විශාල ව්‍යාපාර ක්‍රියාවලියක් පැතිර ඇති බව ද පෙනේ.


මේනිසා ආදිතම මායාවරුන්ගේ නිජභූමිලෙස සැලකෙන මධ්‍යම අමෙරිකානු‍ රටවල ලෝකාවසාන දිනය සංචාරක ව්‍යාපාරය උත්තේජනය කරන්නක් ලෙස සැලකී තිබෙනවා.


මේ අනුව ඉපැරණි මායා භූමි ප්‍රදේශවල හෙට දිනයේ චාරිත්‍රගත ක්‍රියාවලින් සම්මන්ත්‍රණ හා සංදර්ශන ආදිය පවත්වනු ඇතැයි පැවසී ඇති අතර ඒවාට එම ප්‍රදේශවල ආදිවාසින්ගෙන් දැඩි‍ විරෝධයක් පලව ඇත්තේ එමගින් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කරන බව චෝදනා කරමිනි. 


කෙසේ වෙතත්ලොවපුරා බොහෝ තන්හි අද රාත්‍රියේ බොහෝ පිරිස් රැකවරණස්ථාන වල හෝ ආගමික පර්ශ්‍රයන්හි ගතකරනු ඇතැයි සැලකි තිබෙනවා.

සෙවණගල රතු වැස්සෙන් පසු ගොයම් රතු පාට වෙලා...

සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.

එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.

ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.

ප‍්‍රදේශයට ඇදහැළුණු රතු වැස්සෙහි පැවති දිලීරයක් මේ තත්ත්වයට බලපෑවේද එසේ නැතිනම් මේ සඳහා භාවිත කළ පොහොරවල බලපෑමක් ඇතිද යන්න පිළිබඳ පරීක්ෂණ බවත්වන බව වලවේ ව්‍යාපාරයේ නේවාසික ව්‍යාපෘති කළ මනාකාර අසංග ගුණතිලක මහතා පැවසීය.

කෙසේ වුව ද මේ වන විට සිදු කළ අධ්‍යයනවලින් පොහොරවල බලපෑමක් පවතින බව හෙළි වී නැති බවත් ජල සාම්පල් පරීක්ෂාවට භාජනය කෙරෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සෙවණගල, මොනරාගල, හම්බන්තොට වැනි ප‍්‍රදේශයන්හි පවතින මේ තත්ත්වය විශාල වශයෙන් පැතිර යාමට මත්තෙන් පාලනය කිරීමට ගතයුතු සියලූම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ගුණතිලක මහතා සඳහන් කළේය.

මාතලේදී පොලාව පැලී ගස් ගිලා බහී...

මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් වාර්තාවේ. 

විශ්කම්භය අඩි 20-30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙකක් මෙසේ ගිලා බැස තිබේ. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක්  ගිලා බැස ඇත.

දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර  අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ.

ඉකුත් සුනාමි පැවැති කාලයේදී මෙම ප‍්‍රදේශයේ නිවාස 400 ක පමණ බිත්ති ඉරිතලා හානි සිදුවූ අතර මීට පෙරද මෙම ස්ථානයට ආසන්න තැනක යකඩ ඉන්නක දිගේලිකර සිටි ගවයෙකු යකඩ ඉන්නද සමග පොලොව යටට ගිලා බැස ඇති බව ඉතිහාසයේ සදහන් වුවද එහි සත්‍ය අසත්‍යතාව තහවුරුව නැත.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ප‍්‍රදේශවාසීන් භීතියට පත්ව සිටිති.
 
Related Posts with Thumbnails