Ads 468x60px

.

එෆ් එම් නාලිකාවක ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට චන්ද්‍රසිරි බණ්ඩාරට උන්හිටි අමතක වෙයි...

නිහාල් බැරි නම් මොන බූරුවෙක් වුණත් තේරුම් ගන්නවා...

තමුසෙ හරියට අහගෙන කතා කරනවා....

ලෝක විනාශය පිළිබඳ ආන්දෝලනාත්මක කතා බහක් ඊයේ දිනයේ වී රේඩියෝවේ "සිද්ධ මුල්ල" කාලීන වැඩසටහනේ සාකච්ජාවට බඳුන් වුණා. ඒ, පිටසක්වල ජීවීන්ගේ ප‍්‍රහාරයක් එල්ල විය හැකි යැයි ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කරන ලද ප‍්‍රකාශයක් පිළිබඳවයි.

එම වැඩසටහනට සහභාගි වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සනාථ කළේ පිටසක්වල ජීවීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ හැකියාව මෙන්ම සඳට සමාන වූ එවැනි විශාල ග‍්‍රහයන් කිහිප දෙනෙකු පෘථිවිය ආසන්නයට පැමිණෙනු ඇති බවයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අසන්නන් විවිධ ප‍්‍රශ්න මතු කල අතර එහිදී උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එහිදී ප‍්‍රවීණ ජෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ අපටම ආවේණික වූ තාක්ෂණයක් සහ ඉතිහාසයක් තිබුණද එය කාලයෙන් කාලයට විවිධ ආක‍්‍රමණ හේතුවෙන් විනාශ වී ඇති බවයි.

පසුගිය සතියේ මව්බිම පුවත්පතට සැපයු ලිපියක් මගින් පෘතුවියට එල්ලවන පිටසක්වල ප්‍රහාරයක් සම්බධයෙන් ආන්දෝලනාත්මක තත්වය ඇතිවූ තිබු අතර එහිදී අසන්නෙක් එය විශ්වාස කර නොහැකි බව පැවසු විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතාට උන්හිටි තැන් පවා අමතක වී ඔහුට බැන වැදී තිබුනා . 


එම සාකච්චාව පහතින්.

නිහාල් නමැති අසන්නා: ආයෝබෝවන් ඔබතුමන්ලාට...බණ්ඩාර මහත්තය අතීතයේ දේවල් මව මවා පෙන්නන්න හදනවා...අතීතයේ රහතන් වහන්සේලා හිටියට දැන් රහතන් වහන්සේලා නැනේ . ඒ වගේ ඔය සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙවෙයි. මනුෂ්‍ය විනාශයක්.

ඉතින් ඔය කියන විදියට 2013 දී එහෙම දෙයක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.එක බුදු බැනේ තියෙනවනේ කල්ප ගානක් ගිහිල්ල සිද්ද වෙන්නේ කියල. කල්ප ගානක් පෙරුම් පුරලා බුදු කෙනෙක් බිහි වෙන්නේ. ඒ කල්ප ගැනම යන්න ඕන විනාස වෙන්න.ඒ වගේම ඉතින් එයා කියන දේවල් නම් පිළිගන්න අමාරුයි (සිනාසෙමින්)

චන්ද්‍රසිරි බණ්ඩාර: නිහාල් මහත්තය අනේ කියන්නකෝ මම කියපු දේවල් වලින් පිළිගන්න බැරි මොකද්ද කියල. එක කිව්වනම් මට එක තේරුම් කරලා දෙන්න පුළුවන්.

නිහාල් නමැති අසන්නා: ඇයි මහත්තයෝප් ඕක හරියටම 2013 වෙනවයි කියල නිගමනේ කරන්නේ කොහමද?

චන්ද්‍රසිරි බණ්ඩාර: මොකද්ද ඉතින් ? හරියටම කියන්නකෝ ඉතින්

නිහාල්: ඕක දැන් ගොඩක් අය කිව්වා එකක් ....

චන්ද්‍රසිරි බණ්ඩාර: හරි හරි මම කිව්වා එකක් කියන්න.තේරුම් ගන්න.මේ චන්ද්‍රසිරි බන්ඩාර කියන්නෙ තවත් පාදඩ කේන්දර කාරයෙක් නෙමෙයි නිහාල් මහත්තයා.ඒ නිසා මොළේ ඇතිව අහන්න.

අපේ කාලය නාස්ති කරන්නෙ නැතිව.පේ‍්‍රක්ෂකයෙක් හැටියට සවන්දෙන්න..තේරුම් ගන්න..මම කිසිම තැනක කියල නැහැ මේ ලෝක විනාශය වෙනවයි කියල.මම සියලූ බූරුවන්ට කියන්නෙ. මම ඒ ගොඩට දැන්න එපා කියල.

නිහාල් බැරි නම් මොන බූරුවෙක් වුණත් තේරුම් ගන්නවා..තමුසෙ හරියට අහගෙන කතා කරනවා..මං මේ මුළු රටටම ඇහෙන්න කියන්නෙ. තක්කඩි මෝඩ ම්ලේච්ඡු ප‍්‍රාථමික ගණයේ මිනිහෙක් හැටියට වැඩ කරන්න එපා කියල මම කියන්නෙ.


 සම්පුර්ණ වැඩසටහන පහතින්

 
Related Posts with Thumbnails