Ads 468x60px

.

ගිනි පොළී සුධර්මාගේ තවත් ගිනි කෙළි රැසක්...

අහිංසක කලාකරුවන් හා කලාකාරියන්ද, ධනවතුන් හා ප්‍රභූවරුන් මාර්ගයෙන් හඳුනාගන්නා ව්‍යාපාරිකයන්ද දුක් මහන්සියෙන් උපයාගත් මුදල් තම ව්‍යාපාර වලට යොදන බවට පොරොන්දු වී එම මුදල් වංචාකර නීතියේ රැහැණට කොටු වී ඇති ගිනි පොළී සුධර්මා නෙත්තිකුමාරගේ තවත් ගිනි කෙළි රැසක් පිළිබඳ තොරතුරු රැසක ලගදීම අප හට වාර්තා වුනා.

අනුන්ගේ මුදල් වලින් සුඛෝපභෝගී, සංකර, සල්ලාල ජීවිතයක් ගත කරන ගිනි පොළී සුධර්මාගේ නවතම පෙම්වතා වන්නේ කොහෝදෝ මාධ්‍ය ප්‍රකාශකයකු යැයි කියා ගන්නා, ඇයටම නොදෙවනි සල්ලාල චරිතයක් වන ලක්ෂ්මන් හුලූගල්ලේ නමැත්තාය. 


මෙහිදී තම පෙම්වතා වන ලක්ෂ්මන්ව තම ස්වාමියාගේ නිවසටම, එනම් අංක 79/2, හොර්ටන් පෙදෙසේ, කොළඹ 7 යන ලිපිනයට නිර්භයව ගෙන්වාගෙන පෙම් සුව විඳිමින් සිටියදී තම දරුවන් තිදෙනාගේ (වයස අවු. 25 දුව, 22 පුතා සහ 17 දුව) අතටම මාට්ටු වී ගිනි විජ්ජුමබරයක් සිද වූ බව වාර්තා වෙනවා. 


මේ කලබැගෑනිය අස්සේ ලක්ෂ්මන් හුලූගල්ලේ තම මාධ්‍ය ප්‍රකාශක කමද අමතකකොට ලා, ඇගේ ස්වාමපුරුෂයාගේ නිවසේ පස්සා දොරෙන්ම පළාගොස් ඇති අතර, තම දරු තිදෙනාගේ දෝෂාරෝපණයන්ට තනිවම මුහුණ දීමට සිදු වූ ගිනි පොළී සුධර්මා නන්නත්තාර වූ බවට වාර්තා වෙනවා.

මේ අතරේ නිවසෙන් පළා ගිය ඇගේ පෙම්වතා කුරුඳුවත්ත පොලිස් ස්ථානයට දුරකථනයෙන් අමතා කෘර දරුවන් රැසක් එකතු වී අහිංසක මවකට පහර දෙන බව පවසා, එම අසරණ කාන්තාව බේරා ගන්නා මෙන් පොලිස් නිලධාරීන්ගෙන් අඩ අඩා ඉල්ලා සිටි බවද සැලයි. 

කෙසේ හෝ වේවා මේ නාඩගම අවසානයේ තම ස්වාමිපුරුෂයා හා දරු තිදෙනාගේ කටවල් වලින්ම ගිනි පොළී සුධර්මාගේ සල්ලාල දිවිපැවැත්මත්, අනුන්ගේ මුදල් ගිනි පොළියට දෙමින් නටනා බොරු ෂෝක් සෙල්ලම් ගැනත් රෑ එළිවෙන තුරු පොලිස් පොත්වවල ලියවුණ බවද වාර්තා වෙනවා.

කුරුඳුවත්ත පොලීසීයේ CIB II 285/99 අංකය යටතේ දමා ඇති පැමිණිල්ලේ ඇගේ ස්වාමි පුරුෂයා වන ගාමිණි නෙත්තිකුමාර යන අය පවසා ඇත්තේ තම බිරිඳ වන සුධර්මා නෙත්තිකුමාර යන අය තම විවාහ ජීවිතය පුරාම අනියම් සම්බන්ධතා රැසක් පවත්වා ඇති බවත්, විවිධ පිරිමින් සමග හෝටල් කාමරවල රැඳී සිටියදී තම අතටම හසු වී ඇති බවත්ය. 

තවද, විවාහ වන වයසේ සිටින තම දරුවන්ගේ අනාගතය ගැන සිතා ඇයට සමාව දී, එකම නිවසේ වෙන් වෙන් කාමරවල ජීවත්වන බවත්ය. තවද ඇයට අනියම් පුරුෂයන්ගේ ආශ්‍රය නැතිව ජීවත් විය නොහැකි බවත්, එසේ වූ විට ගෙදර දොරේ, බඩු පොඩිකරමින්, දරුවන්ට පහර දෙමින්, කෘර හා වියරු ලෙස හැසිරෙන බවත්ය.

තවද ගිනි පොළී සුධර්මාගේ දරුවන්ද තම මවගේ මෙම කෘර, නින්දා සහගත හා ද්වේෂ සහගත ක්‍රියා කලාපයට එරෙහිව ළමා හා කාන්තා කාර්යාංශයේ CIB II 105/123 යන අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කොට
තිබෙනවා.

මේ අතරේ ගිනි පොළී සුධර්මා තම පෙම්වතා වන ලක්ෂ්මන් හුලූගල්ලේ යන අය සමග කෙටි නිවාඩුවකට ඔස්ට්‍රේලියාවට යාමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ආරංචිය. මෙහිදී ඇයගේ අලූත්ම සැලැස්ම වන්නේ තමාත්, තම පෙම්වතාත් දිවයිනේ නැති කාලය තුළ තම ස්වාමි පුරුෂයාගේ ජීවිතය තුරන් කිරීමට මරණ කොන්ත්‍රාත්තුවක් දී එය ක්‍රියාත්මක කිරීමය. 


තවද තමාත්, තම පෙම්වතාත් දිවයිනේ නොමැති කාලය තුළ සිදු වීමට සැළසුම් කර ඇති තම ස්වාමි පුරුෂයාගේ මරණයට තමාගේ වගකීමක් නැති බව පෙන්වා නිදොස් වීමය. ඒ කෙසේ වුවද, ගිනි පොළී සුධර්මාගේ මෙම නවතම කෘර සහගත මරණ කොන්ත්‍රාත් සැලසුම් සියල්ල පටිගත වන දුරකථන සංවාද ඔස්සේ අසා ගැනීමට සමත් වූ ඇගේ ස්වාමි පුරුෂයා තම ජීවිතය රැක ගැනීමට අවශ්‍ය සියලූ ආරක‍ෂා විධි විධාන යොදාගෙන ඇති බවද සැලයි.

ට්රුත්ෆස්ට්
 
Related Posts with Thumbnails