Ads 468x60px

.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය අනතුරේ...

දුෂණය කලාට පස්සේ ධාවනය වන බසයෙන් තරුණිය එළියට ඇදලා දාලා...

ඉන්දියාවේ නවදිල්ලි නුවර ධාවනය වන බස් රථයක් තුලදී කාමතුරයන් පිරිසක් විසින් දුෂණය කරන ලද 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය අවදානම් බව ඇයට ප‍්‍රතිකාර සිදු කරන සෆ්ටාජාන් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියාවේ අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී රාතී‍්‍ර 9.00 ට පමණ මෙම සාහසික අපරාධය සිදුකර ඇති කාමතුරයන් පිරිස ඇගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඇයව ධාවනය වන බසයෙන් එළියට ඇද දමා තිබෙනවා.

මේ වන විට සෆ්ටාජාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කෘතිම ස්වසන උපකරණ ආධාරයෙන් ජීවත් වන අතවරයට පත් තරුණියට පසුගිය පැය 48 පුරාවටම පියවි සිහිය ලැබී ඇත්තේ එක වතාවක් පමණි.


මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බස්රථයේ රියදුරා ඇතුළු 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව නවදිල්ලි පොලිස් ආරංචිමාර්ග
පවසනවා.

මෙම සාහසික අපරාධයට එරෙහිව ඉන්දියාවේ සියළුම ප‍්‍රධාන දේශපාලන පක්ෂ තම විරෝධය පල කර ඇති අතර මෙම සාහසික අපරාධයේ හවුල්කරුවන් එල්ලා මරාදැමිය යුතුයැයි පවසමින් උද්ඝොෂණ ව්‍යාපාර රැසක්ද නවදිල්ලි නුවරදී පැවැත්විණ.


<<< Update On 2012 දෙසැම්බර් මස 21 10:54:29 >>>

ඉන්දියාව පුරාම කිසිදා නොදුටු අන්දමේ ක්ෂණික කෝපයක් ඇතිකළ අමානුෂික ස්ත්‍රී දුෂණයක් පසුගියදා නවදිල්ලි නුවරින් පසුගියදා වාර්තා වුණා.

සිය මිතුරෙකු සමඟ රාත්‍රී චිත්‍රපටයක් නරඹා නවාතැන් බලා ගමන්කරමින් සිටි 23 හැවිරිදි  භෞතචික්තිසා සිසුවියක් මැරකන්ඩායමක බිහිසුණු පහරදීමකට ලක්වූ අතර ඇය අද ජීවිතයත් මරණයත් අතර බලවත් සටනක යෙදෙමින් රෝහල්ගතව සිටින්නීය.

මේ දුෂ්ට අපරාධයට වගකිවයුතු හයදෙනෙකුගෙන් යුතු මැර පිරිස අල්ලා ගැනීමට පොලිසිය තවමත් අසමත්වී තිබීම මහජනය කෝපය උත්සන්න වීමට හේතුවී තිබෙනවා.

මැරයන් එම කාන්තාව කෙළෙසා ඇත්තේ " තනියම රාත්‍රී කාලයේ ඇවිදීමේ වරදට" බව පවසා
තිබෙනවා.

මෙම ඛේදජනක ප්‍රවෘත්ති එළිවීමත් සමග මුළු ඉන්දියාව පුරාම මෙමෙ සැහැසි ක්‍රියාව හෙළා දකිමින් එයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකෙරෙන විරෝධතාවයන් මුළු රට පුරාම ක්ෂණිකව පැවැත්
වුණා.

 
 
Related Posts with Thumbnails