Ads 468x60px

.

මඩ ගහන්න ඕනෑ හින්දයි කටකතා හදන්නේ - නදීෂා..

කතා බහට ලක්වීමයි ජනප්‍රිය වීමයි කියන්නේ දෙකක්...

කටකතා කියන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක්...

පසුගියදා පැවැත්වූ දාහත් වැනි ලක්ස් සුමති සම්මාන උළෙලෙහි දී ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නදීෂා හේමමාලි නම් රංගන ශිල්පිනියයි.

එම සම්මාන උළෙලෙහි දක්ෂතම රංගන ශිල්පිනියට හිමි නිළියක් තිදෙනා අතරටද ඇගේ නම නිර්දේශ වී තිබුනා. පහතින් දැක්වෙන්නේ නිළියක් සේම ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද සාර්ථක ගමනක යෙදෙන මේ යොවුන් කලාකාරිය පිලිබඳව කල කතා බහක්.

මේ ලැබූ සම්මානය ගැන මොනවද හිතෙන්නේ?
හුඟක්ම සතුටුයි. මේ මම ලැබූ ප්‍රථම සම්මානය නොමෙයි. මීට පෙර මම සම්මාන ලබා තිබෙනවා. නමුත් ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මා ප්‍රථම වතාවට ලැබූ අවස්ථාව තමයි මේ. ඒක මට විශේෂ අවස්ථාවක්.

නදීෂාට කලින් අවුරුදුවලට වඩා වැඩි ජනප්‍රියත්වයක් ලැබෙන්නට හේතුව කුමක්ද ?
පහුගිය කාලය පුරාවටම මම විවිධ චරිත රඟපෑවා. ඒවාට ප්‍රේක්ෂකයින් ආදරය කරන්න ඇති. ඒ ආදරයේ ප්‍රතිඵල විදියට තමයි ඒ අය මාව මේ විදියට ඉහළට ඔසවා තැබුවේ.

නදීෂා කියන විදියට ජනප්‍රියත්වයේ අංක 01 ලැබෙන්නේ දක්ෂතාවයෙක් අංක එකට සිටින කෙනා....
ඔව්. ඉතින් දක්ෂතාවයක් නැතිනම් මිනිසුන්ගේ ආදරය ලැබෙන්නෙ නැහැ.


ජනප්‍රියත්වය හිමිවන්නේ දක්ෂතාවයට වඩා පෞද්ගලික ආකර්ෂණය හින්දා කියල මම කිව්වොත්?
ඒකෙත් සත්‍යතාවයක් තියෙනවා. නමුත් සීයට සීයක්ම ඇත්ත ඒක ‍නෙවෙයි.

බාහිර ආකර්ෂණයට ආදරය කරන බහුතරයක් විරුද්ධ ලිංගිකයන්, නළුවන්ගේ කඩවසම් බවට ගැහැනු ළමයි ආදරය කරනවා වගේම නිළියන්ගේ අනුරාගී රූපයට ආදරය කරන පිරිමින් ඉන්නවා.
ඔව් ; ඒක ඇත්ත ; ඒක ඉතින් ලෝක ස්වභාවයනේ.

ඒ අනුව ඔබ ජනප්‍රියම නිළිය කරවන්න ඡන්ද කූපන් දැමූ අය අතරින් බහුතරයක් පිරිමි වෙන්න බැරිද ?
ඒක මට හරියටම කියන්න බැහැ. මට ඡන්ද කූපන් දැමූ අය මම දන්නෙ නැහැනේ. හැබැයි මගතොටදී ලැබෙන රසික ප්‍රතිචාර දිහා බැලුවම නම් ඔබ කී ආකාරයේ දෙයක් මට නම් හැඟෙන්නේ නැහැ. “දුවේ” කියල මට ආදරෙන් කතාකරන වයසක ආච්චිල වගේම ‘ඇන්ටි’ කියල ආදරෙන් ළංවෙන පුංචි දරුවොත් මගෙ රසික පිරිස අතර ඉන්නවා.

කටකතා හැදෙන එකෙනුත් නළි නිළියන්ගේ ජනප්‍රියත්වය වැඩිවෙනවා කියල ඇතැම් අය කියනවා...?
මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. කටකතා හදන අය කෙනෙකුගෙ හොඳක්. යහපත් දෙයක් ගැන කටකතාවක් හදන්නෙ නැහැනේ. මඩ ගහන්න අවශ්‍ය හින්දයි කටකතා හදන්නේ. කලාකරුවකුට ඒ විදියට කටකතාවක් හැදුනම ඒක එයාව ජනප්‍රිය කරවන්න හේතුවක් වෙන්නෙ නැහැනේ. කතා බහට ලක්වීමයි ජනප්‍රිය වීමයි කියන්නේ දෙකක්.

පහුගිය කාලෙ ඔබටත් විවිධ කටකතා පැතිරුණා...,?
අර පරණ කතාවක් තියනවනේ ගල් ‍පොලු වදින්නේ පල ඇති රුකටයි කියලා ඒ වගේම කැපීපේන කෙනෙක් ගැන තමයි වැඩිපුර කටකතා හැදෙන්නෙත් පැතිරිලා යන්නෙත් ඒ නිසා. ඒ ගැන වැඩිදුර හිතන්න අවශ්‍ය නැහැ.

ඇයි ජනප්‍රිය අයට විතරක් කටකතා හැදෙන්නේ?
ජනප්‍රිය අයගේ ජීවිත ගැන හැමෝම දන්නවා. ඒ අය සුළු වරදක් කළත්, කිසිම වරදක් නොකර බොරු චෝදනාවන් ලැබුණත් ඒ ආරංචියට අත්තටු ලැබෙනවා. සාමාන්‍ය කෙනෙකු ලොකු වරදක් කළත් දන්නේ එයා වටා ඉන්න පිරිස විතරයි.

බොරු චෝදනා වගේම ඇත්තටම යම් වැරදි කළ අයටත් එවැනි කතා ඇතිවෙනවා. ඒවා මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමත් වැරදිද ?
ඇත්තටම වරදක් කළා නම් ඒ වරදට දඬුවම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. වැරැද්දට දඬුවම් ලැබිය යුත්තේ ඒ ක්‍රමය මත. එහෙමත් නැත්නම් සොබාදහම විසින්මත් වැරදි කරුවන්ට දඬුවම් දේවි. ඊට අමතරව මා ඔවුන්ට මාධ්‍ය මගින් අමතර දඬුවම් පැමිණ විය යුතු නැහැ.

නමුත් සමාජයේ පැතිරෙන කටකතාවලට ඇති බය නිසා ඒ කලාකරුවන් තුළ ස්වයං විනයක්, පාලනයක් ඇති වෙන්න බැරිද ?
වැරදි කරන කෙනා කොහොමත් වැරදි කරනවා. නොකරන කෙනා කරන්නේ නැහැ. ඔය අතරේ සමහරුන් අතින් නොදැනුවත්කම හින්දත් යම් යම් වැරදි වෙන්න පුළුවන්. ඒත් කටකතාවලදී ඔය කියන තුන් කොටසටම එකවගේ කතා හැදෙනවා. ඒකයි මං කියන්නේ කටකතා කියන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලා.


නදීෂා හේමමාලිගේ ජායාරුප කිහිපයක් මෙතනින්..
 
Related Posts with Thumbnails