Ads 468x60px

.

29දා භූමිකම්පාවක්....? සුනාමිය ගැන අනාවැකි කියූ විද්‍යාඥ ලලිත් කියයි.

භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකියි...

ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටිනවා.
ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙනවා.

ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.


ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා
කියනවා.

මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා
දෙනවා.

මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කර
නවා.

ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටි
නවා

"ඉර" බලන්න එපා...

පියවි ඇසින් සූර්යයා නැරැඹීමට උත්සහ නොකරන්නැයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සූර්යයාගේ ඇතැම් වෙනස්කම් ඇති බව පවසමින් ජනතාව මේ දිනවල සූර්යයා නැරැඹීමට සහ ඡායාරූප ගැනීමට පෙලැඹී සිටිනවා.

එසේ කිරීමෙන් ඇසට හානි සිදුවිය හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පරීක්ෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා පැවසයි. සූර්යයාගේ කිසිදු වෙනස්කමක් සිදුව නොමැති අතර අනියත බියක් ඇතිකර ගැනීමට හේතුවක් නොමැති බවද හෙතෙම පවස
නවා.

පසුගිය දින කිහිපයේදී විද්‍යානුකූලව සූර්යයාගේ ප්‍රතිබිම්බ ලබාගෙන ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකළ බවද පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.
 
Related Posts with Thumbnails