Ads 468x60px

.

ප්‍රේත දිෂ්ටිය එළවන්න ආ යකදුරා නැන්දම්මා හා ලේලියට අතවර කරලා

රහස්‌ කාමරයක පුද පූජා පවත්වමින් නැන්දනිය හා ලේලිය එම කාමරයට අරන් ගිහින්...

ප්‍රේත දිෂ්ටියක්‌ නිසා රෝගී වී සිටින 60 හැවිරිදි කාන්තාවක්‌ සුවපත් කිරීමට කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ නිවසකට පැමිණි යකැදුරකු 60 හැවිරිදි එම කතද ඇයගේ 30 හැවිරිදි ලේලියද නිරුවත් කර ලිංගික අතවරයක්‌ කර ඇයගේ පුතාටද පහරදී ඇති අතර මෙම සැකකරු පෙරේදා (15 වැනිදා) සවස ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා .

මෙම සිද්ධියේ සැකකරු වන නිකවැරටිය රස්‌නායකපුර පදිංචි යකදුරාවද ඔහුට නිවාස පහසුකම් සැපයූ අඹුසැමි යුවළද පෙරේදා රාත්‍රි (15 වැනිදා) උතුරු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
තිබෙනවා. 

මෙම 60 හැවිරිදි කාන්තාවගේ ප්‍රේත දිෂ්ටිය ඉවත් කිරීම සඳහා පොල්ගෙඩි 100 ක්‌ද, තැඹිලි ගෙඩි 100 ක්‌ද දෙහි ගෙඩි 100 ක්‌ද ලබාගෙන රහස්‌ කාමරයක පුද පූජා පවත්වමින් වරින් වර නැන්දනිය හා ලේලිය එම කාමරයට රැගෙන ගොස්‌ සම්පූර්ණයෙන් නිරුවත් කර මෙසේ ලිංගික අතවර කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

 
මෙම 60 හැවිරිදි කාන්තාවටද ඇයගේ ලේලියට හා පුතාට යකදුරු විසින් පහරදීම නිසා තුවාල සිදුවී ඇතැයිද එම තිදෙනා ඊයේ 16 වැනිදා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වී තිබෙනවා.

යකදුරු විසින් මෙම තිදෙනාගෙන් රුපියල් එක්‌ ලක්‍ෂ අසූ හතර දහසක මුදලක්‌ ලබාගෙන ඇති අතර පූජා භාණ්‌ඩවලටද ලක්‍ෂයක පමණ මුදලක්‌ වැයකර ඇතැයි පොලිසිය පවස
නවා

ශාන්ති කර්මයක්‌ කරනවා කියා කාන්තාවන් නිරුවත් කළ ප්‍රධාන යකැදුරා පොලිසියට...

ප්‍රේත දිෂ්ටියක්‌ වැළඳුන 60 හැවිරිදි කාන්තාවකට ශාන්තිකර්මයක්‌ කිරීමට ගොස්‌ කාන්තාවන් දෙදෙනකු නිවසේ - නිරුවත් කර ලිංගික අතවර කිරීම හා තරුණියට පහරදී ජනේලයේ එල්ලූ බව කියන ප්‍රධාන යකදුරු ( නිකවැරටිය රත්නායකපුර පදිංචි කපිල කුමාර ) ඊයේ 18 රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කලා.

නීතිඥ විරාඡ් ජයනෙත්ති මහතා කපුවා මෙම දෙදෙනා නිරුවත් කර නැතැයිද ශාන්ති කර්මය කිරීමෙන් පසු එය සාර්ථක නොවූ බව ප්‍රකාශ කරමින් ඇති වූ ප්‍රශ්නයක්‌ නිසා මෙම හබය උද්ගතවී ඇතැයි ද කියා සිටිනවා.

රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටි මෙම ශාන්ති කර්මයේදී කාන්තාවන් නිරුවත් කිරීමට කපුවාට අවබෝධ කරමින් උදව් කළ බව කියන කළුතර උතුරු ගල්වාන ප්‍රදේශයේ පදිංචිකරු වූ ඇම්. පී. චම්පික පුෂ්පකුමාර ධනුෂ්ක තරිදු ලියනගේ හා රේණුක සඳමාලි යන තිදෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසද විනිසුරු නියෝග කළේය.
 
Related Posts with Thumbnails