Ads 468x60px

.

නයි නළඟනගේ පච ජන මාධ්‍ය ඔබලාට බෙදුවේ මෙහෙමයි...!

කොල්ලූපිටියේ පිහිටි සමාජ ශාලාවක නාගයෙකු සමග රංගනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට   ගත් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන පිළිබදව කරුණු  මාධ්‍ය  විසින් හෙළි කරන ලදී. 

නමුත් මේ ජනමාධ්‍ය ජනතාවට කිසිම වගකීමකින් තොරව නයි නළඟනගේ පච ජනතාවට බෙදා තිබේ. නිරෝෂා විමලරත්න මාධ්‍යට හෙළි කලේ ඇයගේ මව ඉන්දියානු කාන්තාවක් බවයි. 

නමුත් එය පචයකි ඇයගේ මව ලංකික සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ වේ. නිරෝෂා ගැන මාධ්‍ය සඳහන් කළේ ඇය  ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනය  ලැබූ බවය. එයත් පචයකි මේ කාන්තාව කිසි දින ඉන්දියාවට ගොස් නැත. 


ඇයට නාගයා ලැබුණේ මහනුවර – දොඩම්වල දේවාලයේ භාවනා කරමින් සිටින අතුරතුරදී බව මාධ්‍ය හෙළි කළත් මේ කාන්තාව ගාලූමුවදොර පිටියේදී අහිකුණ්ටිකයෙකුගෙන් මෙම නාගයා මිලට ගෙන තිබේ. 

පුද්ගලයෙකු විසින් කියන ඕනෑම විමර්ශනයකින් තොරව ඒ ආකාරයටම වාර්තා කිරීම ජනමාධ්‍යකරණය බව සිතන ලැප්ටොප් මාධ්‍යවේදීන් සිටින රටක මේවා පුදුම නොවේ. ජනමධ්‍ය විසින් බොරු ලියා ඔසවා තැබූ මේ කාන්තාව ලබන චන්දයේ දී ගම්පහෙන් චන්දය ඉල්ලා මනාප වැඩි ප්‍රමාණයකින් දිනීමට පවා ඉඩ තිබේ. 

ජනමාධ්‍ය විසින් හරකුන් බවට පත් කරන ලද ජනතාවක් සිටින රටක වතුර වලින් වාහන දිවීමට සමත් එන්ජින් හදන මිකැනික්ලා , ඩෙංගු , පිළිකා නිට්ටාවට සුව කරව වෙද්දු , විශ්ව ශක්තිය , රාවනා බලය ඇති ඉර්ශිවරුන් , එලොවින් ආ  ජීවකයන් (එලොවින් ආ  ජීවකයා ගැන කුලියට පච ලියු නන්දසේන සුරියආරච්චි දැන් රිවිර පුවත් පතේ මාධ්‍යවේදියෙකි ) ගැන මොවුන් බොරු ලියා නුගත් ජනතාව අමාරුවේ දමති. 

මේ ජනමාධ්‍යකරුවන් විසින් ඔසවා තබා අහිංසකයන්ගේ තුට්ටු දෙකට කෙලිය සක්විති රණසිංහ ඊයේ පෙරේදා උසාවියේ ඇඳිවත උනා තමා නිර්දෝෂී බව කිවේය. සක්විති කිවේ අර්ධ සත්‍යකි. ඔහුට තැන්පතු කරුවන්ගේ මුදල් වංචා කිරීම සඳහා පසුතලය සකසා දුන්නේ මෙරටේ ප්‍රධාන ජාතික පුවත්පත් විසිනි. ඉන්පසු ඒ පුවත්පත්ම සක්විති උසාවියේ රෙදි ගැලවූ බව කියති.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails