Ads 468x60px

.

රත්මලාන ත‍්‍රිත්ව ඝාතකයා ගැන වසර 31ක් පුරා සඟවාගෙන හිටිය රහසක්...?

කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කරුණක්...

පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ගල්කිස්ස - කල්දෙමුල්ල නිවසකදී තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කළ සැමියා පිළිබඳ වසර 31 ක් පුරා සැඟව තිබූ රහසක් ඊයේ (16) හෙළිවුනා.

ඝාතන සිදුකළ සැකකරු වන විජේමුනි මදුරංග අද අධිකරණයට පැමිණි අතර සාක්ෂි ලබාදීම සඳහා ඔහුගේ මව සහ නිවසේ මෙහෙකාරිය ද අධිකරණයට කැඳවා තිබුණා.

එහිදී එම මව ප‍්‍රකාශ කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කරුණකි. බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කර පිලිස්සූ පුද්ගලයා තම කුසින් උපන් පුතෙකු නොව ළදරු කාලයේ සිට තමන් හදාවඩාගත් දරුවෙකු බව ඇය එහිදී කියා සිටියාය. මෙය 31 වසරක් පුරා තමන් සඟවා ගෙන සිටි බව එම මව වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මෙහිදී අධිකරණය අදාළ ඝාතන සිදුවූ අවස්ථාවේ නිවසේ තත්ත්වය පිළිබඳව ඇයගෙන් තවදුරටත් කරුණු විමසු විට, විජේමුණි මදුරංගගේ බිරිඳ සහ දරු දෙදෙනා පිළිස්සෙනු
තමන් දුටු බවත්, තමන් සියලූදෙනාටම කෑ ගසා හඩ ගැසූ බවත් ඇය ප‍්‍රකාශ කළා. යාබද කාමරයක නිදා සිටි සැකකරු ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වූ බව මෙම මව අධිකරණය හමුවේ පැවසුවා.

ඝාතන සැකකරු පළමුව පොලීසියට ප‍්‍රකාශ කර තිබුණේ ඉටි පන්දමක් පෙරළී මෙම ගිනි ගැනීම සිදුවූ බවයි. කෙසේ වෙතත් මෙම මරණ සිදුවූ දෙසැම්බර් 17 වැනිදා ආසන්න වත්ම කල්දෙමුල්ල නිවසට වෙනදා දක්නට නොලැබුණු තරම් ඉටිපන්දම් ගෙනවිත් තිබූ බව නිවසේ මෙහෙකාරිය අද අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා. ඒ ඇයගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදිය.

වැඩිදුර කරුණු විමසූ ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහතා මේ පිළිබඳ වැඩිදුර නඩු විභාගය ජනවාරි 23 වැනිදා දක්වා කල් තැබිය. මියගිය සචේතනා සඳමාලි සිල්වා නැමති 31 හැවිරිදි සැකකරුගේ බිරිඳ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක් ලෙස කටයුතු කළා.

මෙම ත්‍රිත්ව ඝාතනයට අදාලව රිමාන්ඩ් භාරයේ සිටින විජේමුණි මදුරංග නැමති සැකකරු පොලිසියට කළ පාපොච්චාරණයේදී හෙළි වුණේ ඔහු සිය අනියම් පෙම්වතිය විවාහ කර ගැනීම සඳහා මෙම ඝාතන සිදුකර ඇති බවයි. ගෙල සිරකර බිරිඳ ඝාතනය කළ බවත් එය දුටු නිසා 3 හැවිරිදි වැඩිමහල් දරුවාගේ ද ගෙල මිරිකා ඝාතනය කළ බවත් ඔහු සඳහන් කර තිබුණා.

පසුව මසක් වයසැති ළඳරුවා ද නිදි යහනේ සිටියදී සුවඳ විලවුන් ඉස තුන්දෙනාටම ගිනි තැබූ බව ඔහු පාපොච්චාරණය කර තිබුණා. මීගමුව ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සමග ඔහු අනියම් සබඳතාවක් ගොඩ නගාගෙන තිබූ අතර තම බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කරද්දී එම සම්බන්ධයට මාසයක්වත් ගතව නොතිබිණ.

හැට හැවිරිදි පද්මා කල්‍යාණි සිල්වා මහත්මිය මේ ගැන කල විස්තරය පහතින්..
 
Related Posts with Thumbnails