Ads 468x60px

.

මධුසමයට යද්දී ඇඳුම් බෑග් එකවත් ලෑස්ති කරගෙන ආවෙ නැහැ - නාරදගේ බිරිඳ දිනූෂි කියයි

හරියට ඉස්කෝලේ යනවා වගේ පුංචි බෑග් එකකට ඇඳුමක් දෙකක් දාගෙන ආවේ...

එයාට අමතක වීමේ ලොකු ලෙඩක් තියෙනවා...

සිරස රස රිසි ගී සමග කරළියට ආ නාරද බක්මීවැව, ඉන්පසු විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ අපට හමුවන චරිතයකි.  වසර පහළොවක් පමණ කාලයක සිට ආලින්දයට එන බොහෝ දෙනාගේ නෙත රැඳි හද ඇඳි නාරද පසුගියදා යුගදිවියට එළැඹුණා. 

ඔහුගේ මනාලිය වෛද්‍ය අංශයේ උපාධිධාරිණියක වන දිනුෂි අතපත්තුය. රස රිසි ගී සමග බොහෝ තරුණියන්ට රිසි නාරද ගැන, දිනූෂි කියන්නේ මොනවද? මේ පිළිසඳර ඇය සමගයි.

දිනූෂි ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
ගම වත්තල. ඉගෙන ගත්තෙ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. තාත්තා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්. තාත්තාගෙ නම ආචාර්ය ඇන්ටන් අතපත්තු. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා ෂෙරීන් අතපත්තු. පවුලේ එකම ළමයා මම.

කොහොමද නාරදගෙ හමුව ඇතිවුණේ?
පාසල් යන දවස්වල නාරද වැඩමුළුවකට ආවා. එතකොට එයා යංඒෂියා ටෙලිවිෂන් එකේ වැඩ කළේ. එදා තමයි මුල්වරට කතාබහ කළේ. ඒ කාලයේ අපේ අම්මා සේවය කළෙත් යංඒෂියා ටෙලිවිෂන් ආයතනයේ. එදා හඳුනා ගැනීම
වසර දහයක විතර දීර්ඝ මිතුරුකමක් බවට පත්වුණා. ඉන්පසුව පෙම්වතුන් වෙලා අවුරුදු තුනක් විතර ඉඳලා තමයි විවාහ වුණේ.

විවාහය වගේ දිගු ගමනකට මුල පුරන්න මොකක්ද විශේෂ හේතුව වුණේ?
නාරද එදා ඉඳලාම හරිම කිට්ටු චරිතයක්. ඉගෙනීම් කටයුතු වෙනුවෙන් මම අවුරුදු හතක් විතර හිටියේ විදේශ ගතවෙලා. ඒත් බොහෝ අවස්ථාවලදී අපි දෙන්නා ජීවිතය බෙදා හදා ගත්තා. ඒත් ආදරය ගැන දෙන්නටම හිතේ තිබුණට දෙන්නම අහන්න ගියේ නැහැ. එයා මුලින්ම හොඳම යාළුවා වුණා. ඊට පස්සෙ පෙම්වතා වුණා. අද එයා සැමියා වෙලා. හැබැයි මගේ හොඳම යාළුවා එයා වගෙයි.

මේ පේ‍්‍රමයට ගෙවල් වලින් බාධා ඇතිවුණේ නැද්ද?
අපි දෙගොල්ල ආගම් දෙකක නිසා පුංචි ගැටළුවක් මුලින් තිබුණා. ඒත් නාරද ගැන අපේ අම්මා දැනගෙන සිටියා. එයා ගැන හොඳම තමයි අපට අහන්න ලැබුණෙ. දකින්න ලැබුණෙ.

දිනූෂා රැකියාවක නිරත වෙනවද?
ඔව් රාගම වෛද්‍ය පීඨයේ කථන හා භාෂා චිකිත්සක අංශයේ කතිකාචාර්යවරියක ලෙස සේවය කරනවා.

නාරදගෙ වැඩ කටයුතු මොනවද මේ දිනවල?
තොරතුරු තාක්ෂණයට සම්බන්ධ රූපවාහිනි වැඩසටහනක් සහ අනන්තය නමින් රාජධානි හා ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහනක් සමග තවත් වැඩසටහන් දෙක තුනකට දායකව සිටිනවා.

ඔබ දෙපෙළගෙ මේ විවාහය වෙනුවෙන් ලොකු උත්සවයක් ගත්තෙ නැහැ නේද?
පෝරුවෙ උත්සවය සහ දේවස්ථානයේ උත්සවය යන දෙකම පැවැත්වූවා. 5 වැනිදා දේවස්ථානයේ කටයුතුත්, 6 වැනිදා පෝරුවේ චාරිත‍්‍රත් පැවැත් වූණා. උත්සවය ගාලූ මුවදොර හෝටලයේදී පැවැත්වුණා. ළඟම ඥාති පාර්ශව සහ එදා ඉඳලා අපි එක්ක හිටපු අය උත්සවයට සහභාගී වුණා.

නාරද ගැන දිනුෂිට හිතෙන්නෙ කොහොමද?
මම හිතන්නෙ මම ඉහත ආත්මයක සිට පතාගෙන ආව කෙනෙක් වෙන්න ඇති. අවුරුදු දහයක්ම අපි මිතුරන් වෙලා හිටියා. ඒත් කවදාවත් තරහා වෙලා නැහැ. එයා හරි සැහැල්ලූ චරිතයක්. පොළවෙ පය ගහලා ඉන්න චරිතයක්.

ඔබ ඔහුට කැමති වුණේ ජනප‍්‍රිය ලේබලය නිසා නෙවේද?
එදා නාරද හමුවන විට රස රිසි ගී නරඹලා තිබුණට එය දිගටම නැරඹුවේ නැහැ. පාසලේ කටයුතුවලට ඊට වඩා මුල්තැන දුන්නා. ජනප‍්‍රියත්වය කියන දේ ඇත්තටම තාවකාලිකයි. මම ආදරය කරන්නෙ මගේ හොඳම යාළුවාටයි. ඒ ආදරය මැරෙනකල්ම තියේවි.

අපි නොදන්න, ඔබ විතරක් දන්නා නාරදගෙ දේවල් තියෙනවද?
මම හිතන්නෙ අමතක වීමේ ලොකු ලෙඩක් තියෙනවා. ඒ වගේම හරි විහිළු දේවල් වෙනවා. මධුසමයට යද්දී ඇඳුම් බෑග් එක අමුතුවෙන් ලෑස්ති කරගෙන ආවෙ නැහැ. හරියට ඉස්කෝලේ යනවා වගේ පුංචි බෑග් එකකට ඇඳුමක් දෙකක් දාගෙන ආවා. එයා ඇත්තටම හරි සැහැල්ලූ චරිතයක්. ජීවිතය මහා බරක් ලෙස දකින්නෙ නැති කෙනෙක්.

මග තොට යන එන කොට තරුණියන් ඔහු වටකරගත්තම ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නෙ?
එය ජනප‍්‍රියත්වය සහ එයාගෙ දක්ෂතාවය අගැයීමක්නෙ. ඇත්තම කිව්වොත්, මට වඩා නාරද මට විශ්වාසයි. හරි වැරැද්ද සහ සීමාව දැනගෙන කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ප‍්‍රශ්නයක් නෑ.

විවාහය හොඳින් පවත්වාගෙන යාමට මොන වගේ දේවල් අනුගමනය කළ යුතුය කියලද ඔබ හිතන්නෙ?
මම හිතන්නෙ අපේ පවුල් පසුබිම ඉතා යහපත්. අපේ පවුල්වල දෙමාපියන් ඉතා ආදරයෙන් ආදර්ශවත්ව සිටි අය. ඒ ගුණාංග අපටත් තිබෙනවා. නාරදගෙයි මගෙයි ආදරය ඒ නිසා මැරෙනකල්ම තියේවි. විවාහයේ අරුත එයයි. ඒ හැරත් නාරද කියන්නෙ මට සම්පූර්ණ චරිතයක්. මට ගොඩාක් ආදරේ කෙනෙක්. ප‍්‍රශ්න ආවත් ඒවා අපි විසඳගන්නවා හැරෙන්නට, අපි දෙන්නා අතරට අතරමැදි පාර්ශව වලට එන්න ඉඩ තබන්නෙ නැහැ.

නාරද ”ගඟ අද්දර මා” ගීතයට වඩා කැමතිලූ නේද?
ඔව්, ඒක එයාගෙ තේමා ගීතය වගෙයි. විජයගෙ ලොකු රසිකයෙක්.

ඔබගෙ ප‍්‍රියතම ගීතයත් එයමද?
ක‍්‍රිස්ටිනා ෆෙරී ගයන, තවුසන්ඞ් ඉයර්ස් ගීතයට ගොඩාක් ආසයි. 

නාරද බක්මීවැවගේ විවාහ මංගල්‍යය...
 
Related Posts with Thumbnails