Ads 468x60px

.

අතරමංවී සිටියදී ගෙදර ගෙනා වල් ඌරාගේ මාසේ වියදමට රුපියල් දහදාහක් විතර යනවලු...

දැන් පවුලේ සුරතලෙක්...

මාසෙකට පිටිකිරි පැකට් හයක් පමණ යනවා... 

දවල්ටත්, රාත‍්‍රියටත් බත් කෑමට දෙනවා...

 කෑගල්ල අලපලාවල තිදරු පියකු සහ වල් ඌරකු අතර දැඩි මිත‍්‍ර සම්බන්ධයක් ගොඩ නැගී තිබෙනවා. අලපලාවල එච්.පී. පියදාස මහතා තිදරු පියාය. කැළයේ අතරමංවී සිටියදී පියදාස මහතාට මේ වල් ඌරා හමුවී තිබෙනවා. උගේ වයස අවුරුද්දක් පමණ වෙනවා.

වල් ඌරා තම නිවසට රැගෙන ආ දිනයේ පටන් ඌ නිදාගත්තේ පියදාස මහතා අසලය. හවස හයට පමණ කැලයට යන වල් ඌරා රාති‍්‍ර 10 ට පමණ නිවෙසට පැමිණ හොම්බෙන් දොරට ගසයි.


අනතුරුව ඌ පියදාස මහතාගේ ඇඳ අසලට පැමිණ නිදාගනියි. රාති‍්‍රයේ එළියට යෑමට අවශ්‍ය වූ විට පියදාස මහතාට හොම්බෙන් අනින්නට පටන් ගනියි. 

ඔහු දොර විවෘත කරදුන් පසු එළියට ගොස් නැවත ගෙට එයි. මෙම ඌරාට හැමදාම පිටිකිරි දීමට පියදාස මහතා අමතක නොකරයි. ඌට ‘‘වයිරා’’ ලෙස නම් තබා ඇත.

වයිරා පැණිරස කන්න හරිම කැමතිය. මාසෙකට පිටිකිරි පැකට් හයක් පමණ යනවා. දවල්ටත්, රාත‍්‍රියටත් බත් කෑමට දෙනවා. වේලකට හාල් හුණ්ඩු දෙකක බත් දිය යුතුයි. මා දකින්න නැතිවුණොත්
මෙයා හයියෙන් කෑ ගහනවා. වයියා කොළ වර්ග කන්නත් ගොඩක් කැමතියි. වයිරාගේ ආහාරවලට මාසිකව රුපියල් දසදහසක් පමණ වැයවෙනවා.

මගේ වත්තේ රබර් කිරි කැපීමෙන් ලැබෙන ආදායමෙන් වයියාට කන්න දෙනවා. වයියා කවදාවත් මඬේ ලගින්නේ නැහැ. අපවිත‍්‍ර ආහාර කන්නේ නැහැ යැයි පියදාස මහතා පැවැසීය.


අප තව දුරටත් විස්තර සොයා බැලුවා

ඔහුගේ ප්‍රදේශවාසින් මෙම වල් ඌරු ආදරය රුස්සා නොමැති අතර ඒ අනුව වල් ඌරෙකු නිදැල්ලේ සිටීම අනාරක්ෂිත බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ල විමර්ශනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් ගේ මතය වී ඇත්තේ මෙම වල් ඌරා අනෙකුත් අයට හිරිහැරයක් බවත්, ආරක්ෂාවක් නොමැති නිසාත් වෙනමම ස්ථානයක තැබිය යුතු බවත් එසේ නොමැති නම් වන ජීවි දෙපාර්තුමේන්තුවට භාර දිය යුතු බවය. නමුත් එයට එකහෙලා විරුද්ධ වන පියදාස පවසන්නේ මෙවැන්නක්



“මම දරුවන් පස්දෙනෙකුගෙ පියෙක්, අපි දෙන්නා විතරයි මේ ගෙයි පදිංචි. මේ වයිරා කියන ඌරා කුඩා කාලයේ දීම ගෙනවිත් කිරි දීලා හදා වඩා ගත්තා. දැන් ඌට වයස අවුරුද්දක් පමණ වෙනවා. උදේට කිරි එකක් හදලා දුන්නාම ඒක බොනවා මාස හතරේ සිට කිරි දුන්නේ. ඊට පස්සෙ එළවළු බතුත් සමඟ කෑම හදල දුන්නා.

කිසිම අල වර්ගයක් අමුවෙන් හෝ තම්බලා දුන්නත් කන්නෙ නැහැ. මස් වර්ග කනවා. කොහේ සිටියත් වයිරා කියලා කතා කළොත් දුවගෙන එනවා. සෑම දිනම සවස 6 ට පමණ එයා සිටින කමරයෙන් දොර ඇරපුවම අවි
දින්න යනවා ගිහිල්ලා රාත්‍රී 11 ට ආපහු එනවා.

ඒ එන විට දොර අඩවල් කරල තියෙන්නෙ. දොර ඇරගෙන ඇවිල්ලා මා නිදා සිටින ඇදට ගොඩවෙල මා සමඟ නිදා ගන්නවා. ටික වෙලාවක් මගේ කකුල් දෙසට නිදාගෙන ඉදලා පසුව මා හිස තබන කොට්ටයට ඇවිත් නිදාගන්නවා. මම නිදා ගන්න විට මදුරු දැලක් දමාගන්නවා.

එයා ඒක ඇතුලට වෙලා නිදා ගන්නවා. හරියටම උදේ 4 ට වයිරා මගේ කන ලඟට ඇවිත් ‘චික්’ ‘චික්’ ගානවා. ඒ එයාට කිරි ඕන වෙලා මම කිරි හදා දුන්නාට පස්සෙ කිරි ටික බීලා ආපසු ඇදට ඇවිල්ල නිදා ගන්නවා. උදේ 6 ට විතර එළියට ගිහිල්ල පැය භාගයකින් විතර ආපසු එනවා.

ඒ එයාට අවශ්‍ය කටයුතු කරගන්න. ඊට පස්සෙ නැවත එයා සිටින ස්ථානයට එනවා. කිසි දිනක වයිරා ඒ ගේ ඇතුලේ අපවිත්‍ර කරන්නේ නැහැ. ඊට පස්සෙ එලියට යන්නේ නැහැ. සමහර දිනක මා සමඟ කඩේ ලඟට යනවා. කිසි කෙනෙකුට කිසිම කරදරයක් කරන්නේ නැහැ. පාසල් ළමයි නිතර නිතර යනවා කරදරයක් කරන්නෙ නැහැ.

වෙනත් තැනකට ගෙන ගිහිල්ලා පහසුකම් ඇති ස්ථානයක තියනවා වෙනම ගෙයක් හදලා මම තියා ගන්නවා යයි ඔහු පැවසීය. මෙයා ගෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. රාත්‍රියේ කවුරුත් යන්නේ නැහැ දවාලට නිදා ගන්නවා පිට අයෙකුට කිසිම කරදරයක් නැහැ. මා ලඟ ඉන්
වා කුකුළෙක්. ඌ නම් කොටනවා, ඒ තරම් වත් මේ සතා කරදරයක් නැහැ.”

පියසේන ගෙන් වයිරා වෙන් කිරීමට උත්සාහ ගන්න පිරිසට පියසේන විසින් අවසන් වරට මතක් කිරීමක් කර තිබුනේ මෙලෙසිනි

“ම‍ගේ වයිරා නැතිව ඉන්න බැහැ. වයිරාටත් මම නැතිව ඉන්න බැහැ. අපි දෙන්නා වෙන් කරන්න නම් හදන්න එපා. එහෙම වුණොත් වයිරා පිස්සු හැදිලා මියයයි. එහෙම උනොත් තත්ත්වය බරපතල වෙනවා. එවිට ඌට‍ වෙඩි තියන්න හෝ මරන්න වෙයි. ඒ වගේම මගේ ආයුෂත් කෙටිවේවි.”

 
Related Posts with Thumbnails