Ads 468x60px

.

නිවසක කාමරයක් තුළ නිරුවතින් සිටි පාසල් සිසුවා හා සිසුවියට ඇප...

දැරියගේ පියා රේගු නිලධාරියෙක්...

ශිෂ්‍යයාගේ පියා වරාය අධිකාරියේ...

පුතා හිතුවක්කරයෙක් උනාට අරක්කු බොන බව දන්නේ නෑ
- ශිෂ්‍යයාගේ මව කියයි

කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන ශිෂ්‍යාවක්‌ හා ශිෂ්‍යයකු නිරුවතින් පාළු නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහි සිටි පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව අනාවරණය වූ අතර ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් පසෙක ගලවා තිබියදී සොයාගනු ලැබුවා.

පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ 119 ට ලැබුණු ඇමතුමක්‌ අනුව නිවස වටලා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ශිෂ්‍යයාගේ වයස අවුරුදු 15 මාස 10 ක්‌ වන අතර ශිෂ්‍යාවගේ වයස අවුරුදු 15 මාස 9 ක්‌ බව උප්පැන්න ලේඛන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වූනා.
 
මෙම දෙදෙනා වසරකට අධික කාලයක සිට පෙම් සබඳතාවයක්‌ පවත්වා ඇතැයි ද අත්අඩංගුවට ගත් මෙම පාසල් දරු දෙදෙනා කළුතර නාගොඩ රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව ද කියා
සිටියා.

දැනට මෙම දෙදෙනා 11 වැනි වසරේ ඉගෙනුම ලබනවා.

නීතිඥවරුන් වන කනිෂ්ක වන්නිඅච්චි, විරාඡ් ජයනෙත්ති, සරත් කරවිට යන මහත්වරු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයන්ගේ භාරකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම දෙදෙනාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් අයෑද සිටියේය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන්ට දැඩි ලෙස අවවාද කළ විනිසුරුවරයා පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණයට මෙම දෙදෙනා පත් කරමින් එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ඇපමත මුදාහරින ලෙස නියෝග කළා.

මෙම දැරියගේ පියා කළුතර නගරයට ආසන්න තොග වෙළඳාමේ නිරත රේගු නිලධාරියකු වන අතර ශිෂ්‍යයාගේ පියා වරාය අධිකාරියේ සේවයේ නිරත වන අයෙක්‌ බව ද පොලිසිය පැවසුවා.

මෙම ශිෂ්‍යයාගේ මව ද සිය දරුවා බැලීමට පොලිසියට පැමිණ සිටි අතර මේ අවාසනාවන්ත සිද්ධිය වනතුරු මේ ප්‍රේම සම්බන්ධය ගැන නොදන්නා බව පොලිසියට පවසා තිබෙනවා.

ශිෂ්‍යයාගේ මව කියා සිටියේ සිය පුතා හිතුවක්‌කාරයකු වන අතර ඔහු මත්පැන් පානය කරන බව තමන් නොදන්නා බවය.


නිවසක කාමරයක් තුළ නිරුවතින් සිටි පාසල් සිසුවා හා සිසුවිය මාට්ටු වෙයි... 
 
Related Posts with Thumbnails