Ads 468x60px

.

සිරුරෙන් පිටත හදවතක් පිහිටි සිඟිත්තියක්...

වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක්..

උප්පත්තියෙන්ම සිය හදවත සිරුරෙන් පිටත පිහිටන සේ උපත ලැබූ සිඟිත්තියක් හට රෝස පැහැති ආවරණයක් යොදා යථා තත්වයට පත් කෙරූ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

ඖඩ්‍රිනා කාඩනස් නම් මෙම දැරිය ඉතා විරල රෝගී තත්වයක් වන “එක්ටෝපියා කෝඩිස් (ectopia cordis)” තත්වයට මුහුන දුන් අතර මේ තත්වය මිනිසුන් මිලියන අටකින් එක් අයෙකුට වැලදෙන අතර ඉන් දහයෙන් නව දෙනෙකුම උපතේදීම හෝ උපතින් දවස් දෙක තුනක් ඇතුලත මියයෑම සිදුවෙයි.

නමුත් හාස්කමක් දක්වමින් මෙන් ඖඩ්‍රිනා ළදැරිය ජීවත් වූ අතර ඉන් පසු වෛද්‍යවරුන් මුහුන දුන් ගැටළුව වූයේ සිරුරෙන් පිටත තිබෙන්නාවූ හදවත ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.


මේ සදහා වෛද්‍යවරුන් එකතුව රෝස පැහැති හදවත් ආරක්ෂණ පලිහක් නිර්මාණය කර එයින් හදවත පිටත ලෝකයෙන් ආරක්ෂා කිරීමට සමත් වුනා. වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් වන මෙය ලෝකයේම අවධානයට යොමුවූ සිදුවීමක් වුනා.






 
Related Posts with Thumbnails