Ads 468x60px

.

මේ හදිස්සියේ ජනාධිපතිවරයා පවිත්‍රාට විදුලිබල ඇමතිකම දුන්න හේතුව මොකද්ද?

වසරින් වසර මගේ මනාප වැඩිවෙනවා...

මම මගේ මහත්තයට ආරෙයි. මහත්තය මට ආදරෙයි. ඒවා තියෙන්නේ අපි දෙන්නගෙ හිතේ. ඒත් ආදරෙයි ආදරෙයි කිය කිය අපි දෙන්නා ඒ මත්තේ නැහෙන්නෙ නෑ. 

මම ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නත් වෙලාව වෙන්කරගෙන තියෙනවා. යැයි විදුලිබල ඇමතිනී පවිත‍්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඇහැලියගොඩ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශවල උපාධිධාරීන් 70 දෙනෙකුට පත්වීම් ප‍්‍රධානය කිරීමට පැවැති උත්සවයකදීය.

එසේම තමා ආදරයත් දේශපාලනයත් හොඳින් වටහාගෙන සිටින බවත් ඒ දෙක පටලවා නොගන්නා බවද ඇය කීවා. මේ කාරණාව ජනතාව දන්නා බැවින් තමාට වසරින් වසර මනාප වැඩිවන බවද ඇය පැවසුවා.


එසේම ආදරය නිසා ජනතාවත්, ජනතාව නිසා ආදරයත් තමා අත් නොහරින බවද ඇය සඳහන් කළාය. තමාටත් පෞද්ගලික ජීවිතයක් ඇති බවද ඇය මෙහිදී අවධාරණය කළා.


මේ අතර පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා. එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 90%කට විදුලිය තිබුනත් 10%කට විදුලිය නැති නිසා විදුලිබල අමාත්‍යධූරය රත්නපුරය නියෝජනය කරන පවිත්‍රා වන්නි ආරච්චි වෙත ලබාදුන් බවයි ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ.


 
Related Posts with Thumbnails