Ads 468x60px

.

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ - මේනක-නෙහාරා ප්‍රසිද්ධියේම කියයි..

යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ...

පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද...?

හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළිපිටනේ. ඔන්න දැන් මේනක-නෙහාරා සුපෙම්වතුන් කියලා දෙන්නා දැන් ප්‍රසිද්ධියේම කියනවා. ඔය කතාව අපි දන්නේ අද ඊයෙ නෙවෙයිනේ. 

දන්න දේ කියන එක යුතුකමක් නිසා මීට අවුරුද්දකට කලින් අපි ඒ යුතුකම ඉටු කළා. සහ සුද්දෙන් දැනගෙන හිත හොඳින් කළත් අපි ලිව්ව නිසා දෙන්නාටම ඩෝං ගියා.

එදා ඉඳන් ඒ දෙන්නා අපි එක්ක තරහයි. අපේ නම් තුන් හිතකවත් කහටක් නෑ... යාළුවො පෙම්වතුන් වෙන එක සාමාන්‍යයිනේ. පෙම්වතුන් විවාහ වෙන එක අහන්නත් දෙයක්ද? 


තාමත් පෙම්වතුන් කිව්වාට අපිට නම් ආරංචි දෙන්නා දැනටමත් විවාහ ගිවිසගෙනත් ඉවරයි කියලා. නිළියන් කිහිපදෙනෙක්ම හැඩගන්වපු රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි නෙහාරාව දෙවැනිවර ලස්සන මනමාලියක් කළේ. 

මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් දෙන්නා එක වහලක් යටටත් රිංගනවලු. අනේ ඉතිං කොයිතරම් සතුටුද? දෙන්නට යහපත් විවාහ ජීවිතයක් වගේම ලාහෙන් මනින්නට දරුවන් ලැබෙන්න කියලා අපි අවංකව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කියන්න ඕනෑ අපි කිව් දෙයක් වැරැදිලා නෑ රජෝ...

දන්නවනේ මම කවුද කියලා...

පොලිස් නිලධාරියෙක්ට තමන් කවුද කියලා මතක් කරන්න ගිහින්...

පොලිසිය කියන්නේ රටේ සාමය හා නීතිය සුරකින්න පිහිටවපු ආයතනයක්නේ. ඔය එක්කෙනෙක් දෙන්නෙක් පොඩි පොඩි වැරැදි කලාට අපේ රටේ පොලිසියත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවලු.

අපි කවුරු වුණත්. මොන තරාතිරමේ හිටියත් නීතිය කාටත් එක සමානයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි ඉතිං නිලය, බලය තියෙන තැන නීතියත් මුළුගැන්වෙන වෙලාවල් තියෙනවා. 


මෙහෙම හිතපු අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පයෙක් නීතිය ක්‍රියාත්මක කරන්න ගිය පොලිස් නිලධාරියෙක්ට තමන් කවුද කියලා මතක් කරන්න ගිහින් දඬුවම ඩබල් කරගත්ත කියලා අපිට ආරංචි වුණා. මේ රංගන ශිල්පියා ගමන්ගත්ත වාහනේ පදවගෙන ගිහින් තියෙන්නේ කල් ඉකුත් වුණු රියැදුරු බලපත්‍රයක් තිබුණ කෙනෙක්ලු. 

ඉතිං පොලිස් නිලධාරියාට සිද්ධ වුණා මේ සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. මේ වෙලාවට නැති හිතවත්කම් මොකටද කියලා හිතපු අපේ රංගන ශිල්පියා වාහනෙන් බැස්සෙ තමන් කවුද කියලා පොලිස් නිලධාරියාට දැනෙන්නත් එක්ක. 

'දන්නවානේ මම කවුද කියලා....' ඔව් ඔව් අපි දන්නවා මේ අර රඟපාන කුමාර තිරිමාදුරනේ....' මේ සංවාදය බොහොම සාමකාමීව සිදුවුණත් පොලිස් නිලධාරියා අවසානයේ දඩ මුදල දෙගුණ කරලයි පස්ස බැලුවේ.
 
Related Posts with Thumbnails