Ads 468x60px

.

මට ටිකක් කේන්ති යන හින්දා මට ගැලපෙන්නේ ඉවසීම තියන කෙනෙක් - ශලනි තාරකා

ගොඩාක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා...

සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා. ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.

"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.


හැබැයි ඉතින් නව යොවුන් වයසේදී ඒ විදිහට රූපයක් හිතේ තිබුනට කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. ඊට පස්සේ මුල්තැන දෙන්නේ ගතිගුණ වලටයි එයාගේ පසුබිමටයි.

මට ටිකක් කේන්ති යන හින්දා මට ගැලපෙ
න්නේ ඉවසීම තියන කෙනෙක්. ඒ වගේම කලාව ගැන අවබෝධයක් තිබිය යුතුයි. ගොඩාක් අය කලාව දිහා, නිළියන් දිහා වපර ඇසින් බලනවා.

විවාහයෙන් පසුව දිගටම මම කලා ක්ෂේත්‍රයේ සිටියත් නැතත් මම නිළියක් ලෙස ක්ෂේත්‍රයේ සිටි කෙනෙක්.ඒ නිසා මමත් අනාගත සහකරු වන කෙනාට කලාව ගැන, කලා ලෝකය ගැන බොහොම හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

කලව තුල රැඳුන කෙනෙක්ද වෙනත් ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක්ද කියා එක ප්‍රශ්නයක් නැහැ. ස්ථාවර මට්ටමක සිටිය යුතුයි.මම කියන්නේ මහ ලොකු සල්ලි ගොඩක් තිබෙන කෙනෙකු විය යුතුයි කියලා නෙවෙයි මාව ජීවත් කරවන්න හැකි මට්ටමක හිටියම ඇති."










 
Related Posts with Thumbnails