Ads 468x60px

.

අචලා ප්‍රියදර්ශනීගේ අත කැපීම අත් වැරැද්දක් - මෙහෙම අතවැරදීම් වෙන්න පුලුවන්ද...?

ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා...- වෛද්‍යවරයෙක් කියයි

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ඉගෙනීම ලබන අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාව මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ වම් අත කපා දැමූ අතර මාතර රෝහලේ වරදින් වම් අත කපා දැමීමට සිදුවී ඇති බව හෙළිවී තිබෙනවා.

‘ඕනෑම රටක ඔය වගේ අත්වැරදි සිදුවෙනවා. පරීක්‍ෂණවල ප්‍රතිඵලවලින් පසු වම් අත කපා දැමූ අචලා ප්‍රියදර්ශනී සිසුවියට වන්දි මුදලක්‌ පවා ගෙවීමට සිදුවෙනවා’ යයි මාතර රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ පැවසුවා.

මෙම සිසුවියගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ වෛද්‍යවරයාගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන යන බවද හෙතෙම පවසා සිටියා.

රෝගීන් දහදෙනකුට මේ ආකාරයේ ප්‍රතිකාර කිරීමට නියමිතව තිබියදී සීමාව ඉක්‌මවා රෝගීන් සියයකට වැඩි පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් අත්වැරදි සිදුවිය හැකි බවද පැවසූ ඔහු මෙවැනි අත්වැරදි ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ඕනෑම රටක සිදුවෙන අතර එම වැරදි හිතාමතා සිදුකරන ඒවා නොවේ යයිද සඳහන් කළා.

එහි සම්පුර්ණ විස්තරය පහතින්



 
Related Posts with Thumbnails