Ads 468x60px

.

මෙන්න යනවනම් නියම තැනක්...

මිනිස්‌ ඇස නොගැසුණු මාළදොල මහඇල්ල...

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත් වෙනවා. මේ නිසා ම සොබා දහමෙන් උරුමවූ වටිනා පාරිසරික දායාදයන් රාශියක්‌ මෙම ප්‍රදේශයට හිමි වී තිබෙනවා.

මේ නිසාම ඉංගී්‍රසි ජාතිකයන් උඩරට තේ වගාව ආරම්භ කරන වකවානුවේදී හල්දුම්මුල්ල ඔවුන්ගේ ආර්ථික මධ්‍යස්‌ථානය කරගෙන
තිබෙනවා. බටහිරෙන් ගොම්මොලිකන්ද, උතුරෙන් ඉදල්ගස්‌හින්න, හපුතලේ කඳුවැටිය, ඊට පහළින් කොටුගොඩැල්ල කන්ද පිහිටා තිබෙනවා.

දකුණු බිම් තීරුව නිරාවරණය වීම නිසා අම්පාර, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක ගණනාවක්‌ම එකම තැන සිට නැරඹිය හැකිය.

නැගෙනහිරෙන් කොස්‌ලන්ද දියලුම ඇල්ල ද බටහිරෙන් බඹරකන්ද දියඇල්ලද, ගලා යන අතර නවතම කිසිවෙක්‌ නුදුටු මාළදොල මහ ඇල්ල තවත් වටිනා සෞන්දර්යාත්මක ඇල්ලක්‌ වශයෙන් හැඳින්විය හැක.

හල්දුම්මුල්ල - හාල්අටුතැන්න මන්සන්දියේ සිට තිරවනාගම මාර්ගයේ 1 කණුව සීලතැන්න හංදියෙන් හැරී මාළදොල මාර්ගයේ ගමන්කර මාළදොලට ළඟා විය හැක.මේ වනවිට වාහන යැමට තරම් මාර්ගය ඉදිවී
තිබෙනවා.

මාළදොල විහාරස්‌ථානය අසලින් මාළදොල ගඟ දියේ ඉහළට ගියවිට මේ ඇල්ලට ළඟා විය හැක. මේ මහ ඇල්ල වැටෙන වතුරවළ අඩි 80 ගැඹුරු බව ප්‍රදේශවාසීහු කිය
නවා. පළමුවැනි ලෝක යුද සමයේදී කළුපහණ පාලම වර්ෂාවට ගැලවී ගිය බවත්, එම පාලමේ යකඩ කඳන් මෙම වතුරවළේa තවමත් රැඳී තිබෙන බවත් පැවසෙනවා.

අතීතයේ මෙම මාළදොල හේවා ගම්මානයක්‌ බව ඉතිහාසය කියයි. මේ අසල ඇති තිත්තමලුව ගමේදී 1818 ඌව වෙල්ලස්‌ස ඉංගී්‍රසි විරෝධී කැරැල්ලේදී නව සිංහල රජෙකුට ඔටුණු
පැළඳු බව සඳහන් වෙනවා. මේ මාළදොල මහඇල්ල සොබා දහමේ අපූරු නිර්මාණයකි.

 
Related Posts with Thumbnails