Ads 468x60px

.

ලන්ඩන් නුවර වෙන්දේසියේ විකිණෙන අනුරපුර යුගයට අයත් අපේම සඳකඩපහණ...

ටොන් තුන්කාලක්‌ බරයි.
 
අඟල් 6 ක්‌ ඝනකමයි. 
වටරවුම අඩි 8 යි.

මෙම සඳකඩපහණ අපේම එකකක්ලු...

වසර එක්‌දහස්‌ පන්සියයකට වඩා පැරණි සිංහලයේ අතිශය සම්භාවනාවට පත් වාස්‌තු උරුමයක්‌ වූ අනුරාධපුර යුගයට අයත් පෞරාණික සඳකඩපහණක්‌ ලබන අප්‍රේල් 23 දා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ කෞතුක භාණ්‌ඩ වෙන්දේසියකදී අලෙවි කිරීමට ලන්ඩනයේ සුප්‍රකට වෙන්දේසි සමාගමක්‌ සූදානම් වෙනවා.

දැනට සසෙක්‌ස්‌ ප්‍රාන්තයේ පැරණි නිවසක මිදුලෙහි කොන්ක්‍රීට්‌ පෙත්මගක්‌ කෙළවර තැන්පත්ව ඇති මෙම ඉපැරණි සඳකඩපහණට මේ වනවිට වෙන්දේසි සමාගම තබා ඇති මූලික ලන්සුව ස්‌ටර්ලිං පවුම් තිස්‌ දහසකි. (රුපියල් ලක්‍ෂ හැත්තෑවකි).

නිසැකවම ශ්‍රී ලංකාවේ වාස්‌තු උරුමයක්‌ බව සාධනය කළ හැකි බව පවසන පුරාවිද්‍යා බලධාරීහු එම සඳකඩපහණ අනුරාධපුර යුගයේ ආරාමික නටබුන් අතර තිබී එංගලන්තයට රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරනවා.

ලන්ඩන් නුවර වෙන්දේසි සමාගම් ප්‍රකාශකයෙක්‌ පවසන පරිදි මෙම සඳකඩපහණ තැන්පත්ව ඇත්තේ එය අලෙවි කිරීමට ඉදිරිපත් වන කාන්තාවගේ මවගේ

නිවසෙහිය. ඇයගේ දෙමව්පියන් මෙම නිවස මිලදී ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය තේ වැවිලිකරුවෙකුගෙනි. දෙමව්පියන්ගේ අභාවයෙන් අනතුරුව නිවස විකුණා දමන ඇය මෙම සඳකඩපහණ අලෙවි කිරීම සඳහා වෙන්දේසි සමාගමට පැමිණ තිබෙනවා.

අනුරාධපුර යුගයට අයත් මෙම විශිෂ්ට කලා කෘතිය ටොන් තුන්කාලක්‌ බරින්ද, අඟල් 6 ක්‌ ඝනකමින්ද අඩි 8 ක්‌ විශ්කම්භයෙන් ද යුතු බවත් එය සම්භාවනීය කෞතුක කලා කෘතියක්‌ බවත් වෙන්දේසි සමාගම පවසනවා.

මේ පිළිබඳව කළ විමසීමකදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසන්නේ මෙම සඳකඩපහණ අපේම එකක බවත්, අපේ පුරාවිද්‍යා භූමියක තැන්පත්ව තිබූ බවත්, මෙය නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකින් රටින් පිටකළ බවත් ඔප්පු කළහොත් එංගලන්තයේ ව්‍යවස්‌ථාව ප්‍රකාරව එම පුරාවස්‌තුව අපට ලබාගැනීමට හැකියාව ඇති බවය.

ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් රාජ්‍ය මට්‌ටමින් ඉල්ලීමක්‌ කළහැකි ආකාරය පිළිබඳ සොයා බලන බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.


එහි සවිස්තර වාර්තාවක් පහතින්. 





 
Related Posts with Thumbnails