Ads 468x60px

.

සීයාට පදමට පොවා මාස ගණනාවක්‌ තිස්‌සේ මිනිපිරිය සමග එක යහනේ...

අම්මා වෙනත් දීගයක... තාත්තාත් විවාහක්‌ කරගෙන...

දැරියගේ සිරුර දවසින් දවස වෙනස්‌ වන්න පටන්...

හම්බෙගමුව පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගම්වැල්ඕඩය ප්‍රදේශයේ පදිංචි දෙමාපියන් ගෙන් හුදකලා වූ අවුරුදු 12 යි මාස 10 ක්‌ වයසැති දැරියකට අතවර කරන ලද බවට සැක කරන හතළිස්‌ නව හැවිරිදි අයකු පෙරේදා සවස එනම් 17 වැනි දින හම්බේගමුව පොලිසියේ පොලිස්‌ නිලධාරි කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ එනම් 18 වැනි දින වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. අතවරයට ලක්‌ වූ දැරියගේ මව ඇය තනිකර වෙනත් දීගයක ගොස්‌ ඇති අතර පියාද එම ගමේම වෙනත් කාන්තාවක්‌ විවාහ කරගෙන වෙනම ජීවත් වෙනවා.

දැරිය ආච්චී සහ සීයා ළඟ හැදීවැඩී
තිබෙනවා. මේ අතර කාලය තුළදී ආච්චී දැඩි ලෙස රෝගාතුර වී මාස ගණනාවක්‌ තිස්‌සේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. සීයා සමග දැරිය එම නිවසේ පදිංචිව සිට ඇත.

මෙය දැනගත් හතළිස්‌ නව හැවිරිදි පුද්ගලයා සීයාට රිසි සේ මත්පැන් පොවා හාන්සිකර මෙම දැරියට

අතවර කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. ඉන්පසු මෙම සැකකරු සීයාට පදමට පොවා එම ගෙදර රාත්‍රී කාලයේ මාස ගණනාවක්‌ තිස්‌සේ මෙම දැරිය සමග එක යහනේ රෑ පහන් කර ඇති බවද හෙළිවී තිබෙනවා.

මේ අතර මෙම දැරියගේ සිරුර දවසින් දවස වෙනස්‌ වන්න පටන් ගෙන ඇත. ඒ අනුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ හම්බෙගමුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails