Ads 468x60px

.

උපේක්ෂායි මමයි අතරේ තියෙන්නේ සාමාන්‍ය යාළු කමක් නෙමෙයි - අකලංක ගනේගම කියයි..

හොඳ යාළුවන්ට ආදර වන්තයින් වෙන්න පුළුවන්...

එහෙම විවාහය දක්වා ගිය අයත් ඉන්නවා...

සින්ඩරෙල්ලා තමයි හේතුව...
ජනපි‍්‍රය සිනමා, ටෙලි නිළියක් හා පාර්ලිමෙන්තු මන්තී‍්‍රනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) සමග ඇත්තේ සාමාන්‍ය යාළු කමක් නොවන බව කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් මෙන්ම ගායකයෙක්ද වන අකලංක ගනේගම පවසනවා.

එය ඉතා ප‍්‍රබල හොඳ යාළු කමක් බව පවසන අකලංක එහෙත් එය හාදකමක් නොවන බවද හෙළිකර තිබෙනවා.තමා හා පබා අතර හාදකමක් ඇතැයි

යනුවෙන් පැතිර යන පුවතට හේතුවී ඇත්තේ දෙදෙනා එක්ව රගපෑ සින්ඩරෙල්ලා චිත‍්‍රපටය බවද අකලංක සඳහන් කර තිබෙනවා.

හොඳ යාළුවන්ට ආදරවන්තයින් විය හැකි බවද පවසන අකලංක එසේ විවාහය දක්වා ගිය අය සිටින බවද සඳහන් කර
තිබෙනවා. කෙසේවුවද පබා හා තමා නම් තවමත් යහළුවන් පමණක් බවද අකලංක පවසා තිබෙනවා.

අකලංක හා පබා අතර හාදකමක් අතැයි යනුවෙන් පැතිර යන කතාව සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවක් කල විමසීමකදී අකලංක මෙසේ පවසා තිබෙනවා.
 
Related Posts with Thumbnails