Ads 468x60px

.

ලොව හොඳම කෘතීම අත අචලාට - සතියක් ඇතුළත දිවයිනට

ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ...

සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන්...

විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ දී පැවැති සාකච්ජාවකින් පසු වෛද්‍ය වරයකුගේ වරදින් අත ඉවත් කිරීමට සිදු වූයේ යැයි කියන කොළඹ නීති පීඨයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන අචලා පි‍්‍රයදර්ශනී සිසුවියට කෘතිම අතක් ලබාදීම සඳහා වැයවන සම්පූර්ණ මුදල රජයෙන් ගෙවීමට තීරණය කර තිබෙනවා.

මේ අවස්ථාවට අමාත්‍ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන නාමල් රාජපක්ෂ සහ උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරු ද ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ද, විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් කිහිප දෙනෙක් ද සහභාගී වුනා.

කෘති‍්‍රම අත් නිෂ්පාදනයේ දී ඉතා ඉහළ තාක්ෂණයක් පවතින්නේ ඊශ‍්‍රායලයේ බැවින් එම රටෙහි මෙම ශිෂ්‍යාවට අවශ්‍ය කෘති‍්‍රම අත ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, එය

සතියක් ඇතුළත දිවයිනට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෙසේ වෙතත් මෙම ශිෂ්‍යාවගේ අතෙහි තුවාලය සම්පූර්ණයෙන් සුවවීම සඳහා සති 5ක පමණ කාලයක් ගතවේ යැයි වෛද්‍යවරුන් පවසා ඇති අතර එය සුව වූ පසු එම කෘතිම අත ඇයට සම්බන්ධ කිරීමේ හැකියාව ලැබෙනවා.
 
Related Posts with Thumbnails