Ads 468x60px

.

උපතේ සිටම ආහාරයට බත් නොගන්නා දියණියන් දෙදෙනා...

කිරිපිටි පමණයි බොන්නේ හැකිනම් සරණක්‌ වන්නේ...

සමෘද්ධි දීමනාව රු. 900 පමණයි... 

මෙලොව මව්පියන්ට ඇති එකම සම්පත දරු සම්පතය. ඒ සම්පත සදාකාලික දුක්‌ඛදායී නම් ඒ දෙමව් පියන්ගේ සිත් තුළ ඇතිවන වේදනාව කෙසේදැයි කාට කිව හැකිද?

එවන් වේදනාවන් තුරුළු කරගෙන තම දියණියන් දෙදෙනා වෙනුවෙන් සදාකාලික කඳුළු සලන දෙමාපිය යුවළකි මේ. ඇඹිලිපිටිය පදලංගල ජුලංගැටේ 1597 ලිපිනයේ පදිංචි ඒ. එල්. කේ. ලයනල් සහ වී. ජී. ලීලාවතී යන දෙපළට දියණියන් සිව් දෙනෙකි. වැඩිමහල් දියණියන් දෙදෙනා පාසල් වියේ පසුවෙන අතර බාලම දියණිය සුගන්ධි , සුනේත්‍රා යන දෙදෙනා මන්දමානසික තත්ත්වයෙන් පසුවෙති.

මෙම දැරිවියන් දෙදෙනා ජීවත් කර ගැනීමට නොගන්නා උත්සාහයක්‌ ද නැත. උපතේ සිටම ආහාරයට බත් නොගන්නා මෙම දියණියන් දෙදෙනා ජීවත් වන්නේ කිරිපිටි වලිනි. 



දියණියන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් මුදවා ගන්නට රත්නපුර, ගාල්ල, කොළඹ ආදී ප්‍රධාන රෝහල්වලට රැගෙන ගියද ඉන් පලක්‌ වී නොමැත. මෙම දෙමව්පිය දෙදෙනාට සමෘද්ධි රු. 900 දීමනාව හැර වෙනත් කිසිදු ආදායම් මාර්ගයක්‌ද නොමැත. දරු දෙදෙනා රැක බලා ගැනීමට කැපවීම හේතුවෙන් කුලී වැඩකටද යා නොහැක.

ලයනල් මහතාගේ එකම ඉල්ලීම වන්නේ දරුවන් සඳහා කිරිපිටි මාස්‌පතා ලබා ගැනීමට කවුරු හෝ පිංවත් අයකුගේ සහයෝගය ලබාදෙන ලෙසයි. ඒ වෙනුවෙන් ඇඹිලිපිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අංක 03357 යටතේ ගිණුමක්‌ද ආරම්භ කර ඇත. පිං කැමති සැමට ගිණුම් අංකයට උදව් උපකාර කළ හැක.
 
Related Posts with Thumbnails