Ads 468x60px

.

උරේෂා රවිහාරි කියන බිරිඳ සම්බන්ධව ප්‍රවෘත්තියක්

උරේෂාගේ ජීවිතයේ අලුත් බලා‍පොරොත්තුවක්... 

ඒත් මේ සතුට ඊට වඩා වෙනස් එකක්...

උරේෂා රවිහාරි කියන්නේ දක්ෂ ජනප්‍රිය ඒ වගේම සම්මානනීය ගායිකාවක්. පුංචිම සන්දියෙදී ගීත ලොවට එක්වූ ඇය එදා මෙදා තුර  ජීවිතයම කැප කළේ සංගීතයට. 

ඉඳහිට ඇයට ආමන්ත්‍රණය කරලා ‘මොනවද අලුත් තොරතුරු’ කියල අපි අහන හැම මොහොතකම වගෙ ඇයට කියන්නට තිබුණේ සංගීතය ගැන තොරතුරු. 

ඒ වගෙ වෙලාවට  ලබපු අලුත් සම්මානයන් ගැන පටිගත කළ අලුත් ගීතයක් ගැන එහෙමත් නැතිනම් සංගීත ක්‍ෂේත්‍රයේ කුමක් හෝ ඇය සම්බන්ධ පුවතක් ගැන උරේෂා අපිත් එක්ක කතා කළා. ඔය අතර උරේෂා රවිහාරි පතිකුලයට ගිය ප්‍රවෘත්තිය කාගේත් කතා බහට ලක් වූ පුවතක් වුණා. 

විවාහයෙන් පසුවත් ඇය සංගීතයෙන් සමුගත්තෙ නැති නිසා ඉන් පසුවත් අහන්නට ලැබුණේ. ‘උරේෂා රවිහාරි’ කියන ගායිකාව සම්බන්ධ ප්‍රවෘත්තිමයි. මේ අතරතුරේ උරේෂා රවිහාරි කියන බිරිඳ සම්බන්ධව ප්‍රවෘත්තියක් අපට දැනගන්නට ලැබුණා. 

ඒ ගැන කතා කරන්න අපි පසුගියදාක උරේෂාට කතා කළා.
ඉතින් කොහොමද උරේෂා....?
(හිනැහි) හරිම සතුටින් කාලය ගෙවී යනවා.

කොහොමද උදා වූ 2013
ඒක මගේ ජීවිතයේ සුවිශේෂීම අවුරුද්ද වෙනවා.

ගායන ජීවිතයේද පුද්ගලික ජීවිතයේද?
පුද්ගලික ජීවිතයේ
 

අපි ඒ ආරංචිය දන්නවා. ඒ සුවිශේෂී ආරංචිය හිතවතුන්ට දැනගන්න උරේෂම කියන්නකෝ........
2013 දී මගෙයි සැමියගෙයි කැදැල්ලට අලුත් කෙනෙකුත් එකතුවනවා.

කොයි කා‍ලේ විතරද....?
(හිනැහි) දින වකවානු ගැන ඉදිරියෙදී කියන්නම්.

පවුලට අලුතින් එකතුවන කෙනා පුතෙක් වෙනවටද? දුවෙක් වෙනවටද උරේෂා කැමති.....
පුතෙක් වුණත් කමක් නැහැ. දුවෙක් වුණත් කමක් නැහැ. ආදරයෙන් භාර ගන්නවා.

සැමියා බලා‍පොරොත්තු වන්නේ පුතෙක්ද දුවෙක්ද?
එයා ඉන්නෙත් මගෙ අදහසේ. දරුවා අපේ . එයා පුතෙක් වුණත් දුවෙක් වුණත් සතුටින් භාර ගන්නවා කියන අදහස තුළ තමයි එයා ඉන්නේ. මේ දවස්වල එයා ඉන්නේ හරිම සතුටින්. පවුලට එකතු වන අලුත් කෙනා දැකගන්න ආශාවෙන් තමයි සැමියා බලාගෙන ඉන්නේ.

දරුවා ලැබෙන්න ආවට පසු උරේෂා කලාවෙන් තාවකාලිකව දුරස් වුණාද?
නැහැ. පෙර පරිදිම සංගීත කටයුතු වල රැඳිලා ඉන්නවා.

ඒ වුණාට විවේකය අවශ්‍යයි නේද?
මම හැමදාම සංගීතය තුළ රැඳුණේ එය මගේ වෘත්තීය කියන හැඟීමට නමෛයි.  සංගීතය තමයි මගෙ ජීවිතය . ඒ තුළින් මම ලබන මානසික තෘප්තිය අති විශාලයි. දරුවා ලැබෙන්න ඉන්නකොට  ඒ මානසික තෘප්තිය  මට වඩාත් වැදගත් වනවා. විවේකය අවශ්‍යයි කියලා සංගීතයෙන් දුරස් වුණොත් ඒ තෘප්තිය නැති වෙලා යාවි. එතකොට ඒ විවේකය විවේකයක් වන එකක් නැහැ.

සැමියා උරේෂගෙ තීරණයට එකඟද?
ඔව් මගෙ සැමියා මාව ඉතා හොඳින් තේරුම් ගත්තු කෙනෙක්. අනෙක සංගීත කටයුතුවල යෙදන එක මහා ලොකු වෙහෙසක් ගෙන දෙන රාජකාරියක් නමෛයිනේ....

මේ සුබාරංචිය හා හා පුරා දැනගත් මොහොතේ උරේෂට මොනවද හිතුනේ....?
(හිනැහී) ඒක නම් පැහැදිලි කරන්න අමාරුයි. හා හා පුරා  මව් පදවිය ලබන්නට යන සැම ගැහැනියකටම ඇතිවන ‍පොදු හැඟීම තමයි මටත් ඇතිවුණේ. මම ගායිකාවක්, මගෙ ගායනයත් ඇගයීමට ලක්කරලා සම්මාන ලැබුණු අවස්ථා තියෙනවා. ඒ විදියට සම්මානයක් හිමිවන මොහොතේ දි හිතට දැනෙන සතුට විශාලයි. 


ඒත් මේ සතුට ඊට වඩා වෙනස් එකක්. මට හිතෙන්නේ මේක ගැහැනියක් වීම නිසා මට ලැබුණ සම්මානයක් කියලා. ගැහැනියකට ජීවිතයේ  ලද හැකි ලොකුම සම්මානය තමයි මේ. ගායිකාවක විදියට සම්මාන ගත්තු මට ගැහැනියක විදියටත් සම්මාන උරුම වුණා. ඒ සම්මානය හිමිවන්නට යන බව දැනගත්තම මම කොයිතරම් වාසනාවන්තද කියල මට හිතුණා.

කලා ජීවිතේ තොරතුරු ගැනත් කතා කරමු....?
තිරගත වීමට නියමිත චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයකම මගේ ගීත ඇතුළත්. ඒ වගේම සිරස රේඩියෝවේ අලුත්ම ගුවන් විදුලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළේත් මම . අලුතින් චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කරන්න ආරාධනා ලැබිලත්  තියෙනවා.  ඔය අතර තුර මගේ අලුත් ගීත කිහිපයකුත් නිර්මාණය කරන්නැයි මම හිතාගෙන ඉන්නේ.
 
Related Posts with Thumbnails