Ads 468x60px

.

මර්වින්ට අළුත් අවුරුද්දට බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරීගෙන් නියෝගයක්

පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් සුනඛ මට්ටමට...

කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ සපුගස්කන්ද යන පොලිස්ථාන වල සේවය කරන නිලධාරීන්ට අළුත් අවුරුද්දට මර්වින් සිල්වා බැහැ දැක බුලත් දී වැඳ එන්නයි කැලණිය පොලිස් අධිකාරී රොෂාන් සිල්වා විසින් නියෝග කිරීම ගැන එම පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස්  නිලධාරීහු අසතුට පළ කරති.  

තවද මෙම නිලධාරීන් පෙන්වා දෙන අන්දමට පොලිස් අධිකාරී රොෂාන් සිල්වා යනු පානදුර , පොලොන්නරුව යන ප්‍රදේශ වල සේවය කල කාලයේදී මහා පරිමාණයෙන් කසිප්පු බිස්නස් කල ජාවාරම්කරුවන්ගෙන් පගා ගන්නා ලද දූෂිත නිලධාරියෙකි.  

 
එසේම කේලම් කීම මගින් අනෙකුත් නිලධාරීන් කපා දමමින් දේශපාලකයන්ට ආත්මය පවා දෙමින් උසස්වීම් ලබාගත් බත් ගොට්ටේකි. මෙවැනි නිලධාරීන් නිසා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් සුනඛ මට්ටමට ඇද වැටෙන බව ඔවුහු පවසති.

 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails