Ads 468x60px

.

ඉන්දියාවේ කැලෑවකදී කාන්තාවක් සැමියා ඉදිරිපිට 8 දෙනෙක් දුෂණය කරලා...

කාන්තාවට උණබට වලිනුත් පහර දීලා...

සිද්ධිය වුනේ සිකුරාදා රාත‍්‍රී 9 ට.

ස්විස් ජාතික සංචාරක කාන්තාවක් ඇයගේ සැමියා ඉදිරිපිට 8 දෙනෙකු විසින් සමූහ දුෂණයට ලක් කර ඇතැයි ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ වලින් වාර්තා වෙනවා.

මේ සිද්ධිය සම්බන්ධව 15 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කර
නවා. සිකුරාදා රාත‍්‍රී 9 ට පමණ ඬේෂියා පලාතේ කැලෑබද ප‍්‍රදේශයකදී මේ සිද්ධිය සිදුවී තිබෙනවා.

39 වියැති මේ කාන්තාවට උණබට හා වෙනත් දේවලින් පහර දී ඔවුන් සතු මුදල්, ලැප්ටොප්, කැමරා, දුරකථන ආදියද පැහැරගෙන තිබෙනවා. 

ඇය ඉක්මනින් රෝහල්ගත කරනු ලැබුණි. පොලිස් අධ්‍යක්ෂක නන්දන් කුමාර් ඩුබේ කියා සිටියේ සැක කරුවන් හඳුනාගෙන ඇති බවය. නමුත් ජාතික කාන්තා මණ්ඩලයේ සභාපතිනි මම්තා ෂර්මා කියන්නේ රජය මේ පිලිබඳව ක‍්‍රියාත්මත වීම මන්දගාමී බවයි.

ස්විට්සර්ලන්ත රජයද මේ පිලිබඳව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා ඇති අතර එරට තානාපති කාර්යාලය ඔවුන් ගැන සොයා බලයි. මෙය මේ වසරේ ඉන්දියාවේ සිදුවු දෙවන සංචාරක දුෂණයයි.

මීට පෙර පෙබරවාරියේදී 23 හැවිරිදි කොරියානු ජාතික ශිෂ්‍යාවක් හෝටල් හිමියෙකුගේ පුතෙකු විසින් මත්ද‍්‍රව්‍ය දී තමා දුෂණය කල බව පැමිණිලි කලාය. වෛද්‍ය සිසුවියගේ සිද්ධියෙන් මාස තුනකට පසු මෙය සිදුවී තිබෙනවා. ගෝවා හි වයස 10 ක දැරියක් දුෂණය කිරීමට එරෙහිව පැවැත්වුණු උද්ඝෝෂණයේදී පොලීසිය හා ගැටුමෙන් දෙපක්ෂයේම තුවාල සිදුවිය.


නිවාඩුවක් ගතකිරීම සඳහා ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ඔවුන් දෙදෙනා මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ බයිසිකල් පැදීම නිමකර තම නවාතැන වෙත පැමිනෙමින් සිට තිබුණා.

එක්වරම ප්‍රදේශයේ පඳුරු සහිත පෙදෙසකින් මතුවූ 12 දෙනෙකුගෙන් යුතු පිරිසකගෙන් 4 දෙනෙක් පිරිමියාට පොලු වලින් පහරදී ඇති අතර අනෙක් 8 දෙනා කාන්තාව වරින් වර ඔහු ඉදිරියේදිම දූෂණය කර තිබුණා.

ස්විට්සර්ලන්ත රජය විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඉන්දියාවේ අපරාධ සමීක්ෂණ ආයතය වෙත වාර්තා වන පැමිණිලි අනුව සෑම විනාඩි 20කට වරක්ම ඉන්දියාවේ කාන්තාවක් දූෂනය ලක්වේ. නමුත් එලෙස වාර්තාවන්නේ සිදුවන අතවරයන් ගෙන් 40%ක් පමණක් බවයි පොලීසිය පවසන්නේ.

මේ පිලිබඳව නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව තුල මතුව ඇත. එරට සෑම මිනිත්තු 20 කදීම කාන්තාවක් දුෂණය වුවත් ඊට දඬුවම් ලැබීම අතින් පවතින්නේ පහලම අඩියකය.



අතවරයට පත් කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කැඳවාගන යන අයුරු.
කාන්තාව දූෂණය කර තිබූ ස්ථානය
 
 
Related Posts with Thumbnails