Ads 468x60px

.

මමත් ආසයි එහෙ ගිහින් කාලා බීලා විනෝදවෙලා එන්න - මහේෂි මධුසංකා

ඒත් මම හිතනවා මම මැරුනත් මේ වෙලාවෙ ඉන්නෙ ලංකාවෙ කියලා...

මහේෂි මධුසංකා ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයට පැමිණ ගෙවී ඇත්තේ ඉතා ටික කාලයකි.මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයක සහ මියුසික් වීඩියෝවකට දායකත්වයද ලබාදී තිබෙනවා

මහේෂි මේ දිනවල මුහුන දී ඇති අකරතැම්බයක් ගැන අප වෙත දැනගන්නට ලැබුනා. මහේෂි එක පසෙකිනුත් අනෙක් පසින් ඩුබායි හි වසන්ත උදානය සංවිධායකවරුත් යන දෙපාර්ශවයම මෙම අකරතැම්බයට මුහුන පා තිබෙනවා.

මහේෂි ට සන්හිද තරුණ සංවිධානය විසින් අප‍්‍රියෙල් මස 5වන දින පවත්වන බක්මහ උදානය සඳහා ආරාධනාවක් ලැබී තිබුනේ සිය ඳාතිවරයෙකුගේ මාර්ගයෙන් මේ වෙසර මුලදීය. 

ඒ මෙහොතේ මහේෂි අදාල කාලවකවානුවේ කාර්යබහුල නොවූ බැවින් ඊට සහභාගිවීමට සිය කැමැත්ත පළ කර 2013 බෙරවාරි මස 23වන දින එම සන්හිද තරුණ සංවිධානය සමග ගිවිසුමකට එළැඹියේ මෙම වසන්ත උදානයට සහභාගීවීමේ අපේක්‍ෂාවෙනි. 

මෙම වසන්ත උදානය වැඩ සටහන සඳහා ලංකාවෙන් ගායක ගායිකාවන් ඇතුළු රංගන ශිල්පීන් 24දෙනෙකු සහබාගීවිමට නියමිත අතර ඒ සියලු දෙනාම අප‍්‍රියෙල් 03වන දින ලංකාවෙන් පිටත්විමට නියමිතය. 

මහේෂි ගිවිසුම් අත්සන් කළාට පසු ව හදිසියෙන්ම දෙරණ රුපවාහිනී නාලිකාවෙන් ඇයට කතාකොට දෙරණ මියුසිකල් සම්මාන උළෙලේ හොඳම රංගණ නිරූපණය සඳහා සම්මානයක් ඇති බැවින් අප‍්‍රියෙල් මස 5වනදා එම දිනය වෙන්කර තබාගන්නා ලෙස දන්වා තිබෙනවා.

මහේෂි මේ බව වසන්ත උදාන සංවිධායකයින්ට සහ මහේෂිගේ ඥාතිවරයාටද දන්වා
තිබෙනවා. නමුත් මහේෂි මෙම වසන්ත උදාන වැඩ සටහන සඳහා සහභාගී විය යුතුමය යන අදහස සංවිධායකයින් තුළ ඇති බැවින් මහේෂි මේ පිළිබඳව මානසික පැටලිල්ලක සිට ඇත. 

අවසානයේ මහේෂි ලංකාව් නැවතී ඉතා කෙටිකාලයක් තුළ තමා පැමිණි ගමනේ තමාට ලැබීමට නියමිත සම්මානය ලබාගැනීම සඳහා නතරවීමට තීරණය ගෙන තිබෙනවා.

මහේෂිගෙන්
අප මෙම කාරණය ගැන දුරකථනයෙන් විමසා සිටි අවස්ථාවේ ඇය ප‍්‍රකාශ කළේ "මම මුළින්ම මේ ක්‍ෂෙත‍්‍රයට පැමිණියේ දෙරණ නාලිකාවෙන් විකාශය වූ ටෙලි නාට්‍යකින්. මම කලාවට හරි ආදරෙයි .දෙමව්පියන්ගෙ අකමැත්තෙන් මම මෙතැනට ආවෙ හුගක් මහන්සියෙන්. 

එවන් කැපකිරීමක් කරමින් පැමිණි මට මියුසික් විඩියෝවක කළ රංගණය වෙනුවෙන් ලැබීමට නියමිත සම්මානය යකඩ ගොඩක් විය හැකි වුනත් මට එය මේ ක්‍ෂෙත‍්‍රයේ නවකයෙකු ලෙස මට ඉතාමත් වටිනවා .

ඒ නිසා මම එම සංවිධායකවරුන්ට පැවසුවම මේ හේතුව නිසා වසන්ත උදානය වැඩ සටහනට සසහභාගී වීමට නෙහැකි බව. එහෙත් ඔවුන් මගේ අධ්‍යක්‍ෂවරුන්ට කතා කර මා වැරද්දක් කර ඇති බව පවසලා තිබෙනවා. මම මේ ක්‍ෂෙත‍්‍රයේ කා සමගත් හොඳින් ඉන්න කෙනෙක්. මඩ ගහන්න ඕනෙ තරම් අය බලාගෙන ඉන්නවා. ඒත් මට මේ අවස්තාව නවකයෙක් හැටියට වටිනවා . 

එදාට ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් ඇතුළු බොහෝ අය එම දෙරණ සම්මාන උළෙලට එනවා .එතෙන්දි මගේ නම කියැවෙනකොට මම නැතිවුනාම අනිත් අය හිතයි මම මෙවැන්නක් ලබාගැනීමටවත් නොසිට රට ගිහින් කියලා. 

මමත් ආසයි එහෙ ගිහින් එහෙ පේ‍්‍රක්ෂකයින්ව හම්බවෙලා කාලා බීලා විනෝදවෙලා එන්න. ඒත් මම හිතනවා මේ වෙලාවෙ මට වඩා වටින්නේ ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයෝ මට එස්.එම්.එස් කරලා මාව මේ සම්මානය සඳහා තෝරගෙන ඇති ගෞරවයට ඔවුන් සමග බෙදාගන්න ඕනෙ කියලා .

ඔබ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නේද ?
අද වෙනකම් මට ඒ අය එහි පිටපතක් එවලා නැහැ. ඒ අය මට අත්තිකාරම් මුදලක් ලබා දුන්නා . මම එය ආපසු ඔවුන්ට ගෙවීමට ලැහැස්තියි . නමුත් අද වනවිටවත් මට ගිවිසුමේ පිටපතක් ලබා දි නැහැ. 


මා හැර තව 24 දෙනෙක් යනවා .ඕනෙම කෙනෙකුට මෙවැනි අවස්තාවක් හදිසියේ සිදුවිය හැකියි. මම හිතනවා මම මැරුනත් මේ වෙලාවෙ ඉන්නෙ ලංකාවෙ කියලා. මට ලැබෙන සම්මානය මට විටිනවා කියලා මම හිතනවා.

සංවිධායක වරුන්ගේ පාර්ශවයෙන්
අප වෙත මහේෂි මධුසංකාගේ ගිවිසුමේ පිටපතක් විද්්‍යුත් තැපෑලෙන් එවා තිබිණ .එම ගිවිසුමට අනුව ශිල්පියෙකුට කුමන හෝ හේතුවක් මත අදාල කාරණය සඳහා සහභාගීවිමට නොහැකිවනවා නම් එම ශිල්පිණියට හෝ ශිල්පියාට ගෙවන ලද අත්තිකාරම් මුදල ආපසු සංවිධායකයන්ට ලබාදිය යුතුව ඇත.

මහේෂි මේ ගිවිසුමෙහි පිටපතක් නෙමැති බව අපට පැවසූ අතර සංවිධායකවරුන් වෙනුවෙන් ශී‍්‍ර ලංකා නියෝජිතවරයා පැවසුවේ මහේෂි මේ කරන ලද දෙය සාධාරණ නොවන බවයි. 

අලුත් රංගණ ශිල්පිණියක් ලෙස ඇය ලබාඇති යම්කිසි ජනප‍්‍රියතාවක් ඇත්නම් ඒ පේ‍්‍රක්ෂකයින් නිසා බවත්, ඇය ලංකාවෙන් පිටත සිටින ඇයගේ පේ‍්‍රක්ෂකයන්ට පිටු පැමක් කරන බවත් ඔවුන් පවසා සිටියා.

කෙසේවුවද මහේෂි මධුසංකා දෙරණ මියුසික් වීඩියෝ හි සිය ප‍්‍රථම සම්මානය ලබාගැනීම පිණිස 05වන දින ඊට සහ
භාගිවනු ඇත .වසන්ත උදානයට අනෙකුත් ශිල්පීන් සහභාගිවනු ඇත. 

මහේෂි මධුසංකා නැතැයි කියා වසන්ත උදානය නවතා දමන්නට සංවිධායකයින්ට හැකියාවක් නැත මහේෂි මධුසංකා ට ලැබීමට නියමිත ප‍්‍රථම සම්මානය ගැනීමට වේදිකාවට ගොඩවන්නට වෙනත් මහේෂි කෙනෙකුන් නොවන නිසා මහේෂිට දෙකෙන් එකක් තොරාගැනීමට සිදුවනු ඇත. 

ඇය තොරාගෙන ඇත්තේ ඩුබායි නොගොස් ලංකාවෙ නතරවිමයි. එය ඇයට ඇයගේ පැත්තෙන් අතිශය සාධාරණ වනු ඇත. සංවිධායකයින්ගේ පැත්තෙන් මහේෂි මධුෂංකාව දකින්නට බලා සිටි එතෙර ශි‍්‍රලාංකිකයන්ට අවස්ථාව ගිලිහෙනු ඇත. 

මේ කාරණා නිසා මහේෂි සහ එම සංවිධායකයින් අතර අර්බූදයක් ඇති නොවී දෙපාර්ශවයම මේ කාරණය වඩාත් බුද්ධිමත් ලෙස තේරැම් ගෙන කටයුතු කිරීම වඩාත් ප‍්‍රායෝගික වනු ඇත. මහේෂි වෙනුවට වෙන ආදේශණයක් යොදාගැනීමට සංවිධායකවරුන් ට හැකියාවක් ද ඇත .
 
Related Posts with Thumbnails