Ads 468x60px

.

මගේ මහත්තයා පොලිස් නිලධාරියෙක්. සාක්ෂි නැතුව අපි වැඩකට බහින්නේ නෑ - සේමිණී කියයි

කාගේ කාගේත් සායං හේදෙනවා බලන් ඉන්න අයට ලොතරැයියක්.

මේ දවස්වල අපි අතර දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සේමිණීගෙයි දමිතා ගෙයි අතරේ ඇවිලෙන ගින්නනේ. හැමෝම පිදුරු දදා අවුස්සන එකේ අපිත් හිතුව අද ඒ ගැන ටිකක් හොයන්න ඕන කියලා.

ඔතන ප්‍රශ්නය වෙලා තිබුණේ “සේමිණී රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි” කියලා දමිතා ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට කියලා තියෙන කතාවක්
කියලා දන්නවනේ.

මේ කතාවෙන් අවුරුදු ගාණක් රැකගෙන ආපු ගෞරවයට හානියක් වුණා කියලා සේමිණී ඉද්දමල්ගොඩ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලලා නඩුවක් දාලා තියෙනවා. හැබැයි එහෙම කිසිම දෙයක් දමිතාටනම් ලැබුණේ නෑ කියලයි දමිතා අපිට කිව්වේ.


අපි ඒ ගමන්ම සේමිණිටත් කතා කරා. “මට අපහාස කරපු එකට මම වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා. ඒක උසාවිය බලාගනියි.” සේමිණී කිව්වේ ඒ වගේ කතාවක්.

ඔය අස්සේ අපහාස කරා කියලා බොරුවට චෝදනා කර අගෞරව කරා කියලා දමිතා සේමිණීගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් දැම්මා කියලා දමිතා අපිට කිව්වා. ඒ ගැන සේමිණී කිව්වේ ” මම ඒවා දන්නෙත් නෑ. මට ඒවා වැඩකුත් නෑ. මොකද එයාට වුණත් ඒකට අයිතියක් තියෙනවා.” කියලයි.

“සාක්ෂි නැතුව මං වැඩකට අතගහන්න තරම් මං මෝඩ කෙනෙක් නෙමෙයි. මම අධ්‍යාපනයක් ලබපු කෙනෙක්. අනික මගේ මහත්තයා පොලිස් නිලධාරියෙක්. සාක්ෂි නැතුව අපි වැඩකට බහින්නේ නෑ” සේමිණී මේ නඩු කතාව ගැන කිව්වේ ඔන්න ඔහොමයි.

කාගේ කාගේත් සායං හේදෙනවා බලන් ඉන්න අයටනම් මේක ලොතරැයියක් ඇදුණා වගේ තමා. ඒත් කලාවට ආදරය කරන හැමෝම මේ දෙන්නටම එකවගේ ආදරෙයිනේ. කොහොම හරි කමක් නෑ දෙන්නා මෙච්චර කල් රැකගත් ගෞරවය වෙනුවෙන් දෙන්නාම වන්දි ඉල්ල ඉල්ල නඩු දාලා ඇවිළුණු මේ ගින්න කොතනින් නිවෙයිද කියලයි අපිත් බලන් ඉන්නේ.


දමිතා ඇත්තටම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා වකට සේමිණි ගැන කිව්ව කතාව මෙන්න... 
සේමිණි මිලියන 500ක් ඉල්ලා නඩු දැම්මොත් මම මිලියන 1000ක් ඉල්ලා නඩු දානවා - දමිතා... 
සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිව්වැයි සේමිනි කෝටි 50 ක්‌ ඉල්ලා දමිතාට නඩු දමයි... 
 
Related Posts with Thumbnails