Ads 468x60px

.

මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි..!

ජනපති මහින්ද ජපානයෙන් MRIA වෙත..
එයාර් ඇරබියා මත්තලට...

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇති වාර්තා වෙනවා.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තෙවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව තිබෙනවා.

නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසුවා.


මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර
තිබෙනවා. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.

ජනපති මහින්ද ජපානයෙන් MRIA වෙත.

සිව්දින නිල සංචාරයක් අරඹමින් ජපානය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා, ලබන 18 වනදා පෙරවරුවේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව පැවසෙන අතර, ඔහු රැගත් විශේෂ ගුවන් යානය මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපලට (MRIA ) මගීන් සහිතව ගොඩබස්වනු ලබන ප්‍රථම යානය බවට පත්වනු ඇත.

ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පළමු මගියා ලෙසද ජනාධිපතිවරයා ඉතිහාසගත වනු ඇත.

ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්දයෙන් විශේෂ සාකච්ඡුාවක් අද (14) ගුවන් තොටුපල පරිශ‍්‍රයේදී සිදු කිරීමටද නියමිතය. මේ වනවිට මෙහි ඉදි කිරීම් සියයයට අනූ නවයක් අවසන් කර ඇති බව ගුවන් සේවා අමාත්‍යංශය ප‍්‍රකාශ කරසිටියි. 


අමෙරිකානු ඩොලර් මිලියන දෙසීය දහයක ණය ආධාර යටතේ මෙහි ඉදි කිරීම් 2010 වසරේ මාර්තු 16 වනදා ආරම්භ කරන ලදී. ගුවන් තොටුපල සඳහා තාවකාලිකව රේඩාර් පද්ධතියක් වශයෙන් කලකට ඉහතදී ඉන්දියාවෙන් ලබාදුන් "ඉන්ද්‍ර" නමැති ජංගම රේඩාර් පද්ධති දෙක ද මේවන විටත් මත්තල කරා ගෙන ගොස් තිබේ.

මේ අතර හම්බන්තොට, ගන්නොරුව ගුවන් තොටුපළ මාර්ගයේ, 04 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් තොටුපල ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකාව තුල සිදුකරන ප්‍රචාරණ කටයුතු සඳහා පමණක් දැනට රුපියල් මිලියන 100 ඉක්මවා වැය කොට තිබේ. පුවත්පත් වල ප්‍රචාරක දැන්වීම් පළකිරීම සදහා පමණක් රුපියල් මිලියන 18 ක් Media Factory නම් ප්‍රචාරණ ඒජන්සියට ලබාදී ඇත. තවද එම ලබාදුන් මුදලින් බහුතරය ප්‍රභූවරයෙකුගේ පුතාගේ හිතවතෙකුට අයත් "රිවිර" පුවත් පතෙහි දැන්වීම් පලකිරීමට ගොදා ගෙන තිබේ.

තහවුරැ නොකළ ආරංචි මාර්ගයක් අප වෙත කියා සිටියේ මත්තල MRIA ආරම්භ කිරීමෙන් අනතුරුව, කටුනායක ගුවන්තොටුපල නඩත්තු කටයුතු සඳහා කිසියම් කාල පරිච්ඡේදයක් වසා තැබීමට බලධාරීන් අපේක්ෂා කරන බවයි.

එවිට වෙනත් විකල්පයක් නොමැතිවීම මත දේශීය විදේශීය මගීන්ට සහ ගුවන් සමාගම් වලට මත්තල ගුවන්තොටුපොළ හරහා ක්‍රියාත්මක වීමට සිදුවේ. එවිට හම්බන්තොට වරායට සිදුවූ දේ නොවී ලංකාවට පැමිනෙන සියළුම ගුවන් යානා මත්තලට ගොඩ බස්ස්වා ගැනීම අපේක්ෂාව බවයි දෑගන්නට ලැබුනේ.



එයාර් ඇරබියා මත්තලට

මැදපෙරදිග කලාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩු-පිරිවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා” ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමනාන්තය ලෙසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ තෝරා ගෙන ඇත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ, “එයාර් ඇරබියා” ගුවන් සේවයේ 84 වන ගමනාන්තය වන අතර 2013 මාර්තු 18 වනදා, “G 9508” ගුවන් යානයක් මගින් මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදු කිරීමට සැලසුම් කර ඇත.

අඩු-පිරිවැය ගුවන් ගමන් ක්‍ෂේත්‍රයේ සමාරම්භකයෙකු වන මෙම ගුවන් සේවය 2013 මාර්තු 19 වනදා සිට සාජා හා මත්තල අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් සිදු කිරීමට නියමිත අතර පසුව මෙය සතියකට ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩි කිරීමට බලා‍පොරොත්තුවේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් “එයාර් ඇරබියා” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අඩෙල් අලි මහතා මෙසේ පැවැසීය. “මත්තල - මෙම නව ගමනාන්තය ශ්‍රී ලංකාවට අපගේ සේවා ව්‍යාප්ත කිරීමට දිගු කලක සිට අප කරන කැපවීම්වල තවත් වැදගත් සන්ධිස්ථානයක්. 


2003 වසරේ අපගේ ගුවන් සේවය අරඹා මාස කිහිපයකින් පසුව අප කොළඹට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ඇරඹුවා. එය ලංකාව තුළ අපගේ පළමු වන ගමනාන්තයයි. ලංකාව වෙනුවෙන් දෙවන ගමනාන්තයක් එක් කිරීමට ලැබිම ගැන අපි සතුටු වෙනවා.

මත්තලට අපි සිදු කරන නව සේවාව මගී ඉල්ලුමට සෘජු ප්‍රතිචාරයක් වන අතරම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර තිබෙන වෙළෙඳ හා සංචාරක සම්බන්ධතාවයටද දායකත්වයක් ලබා දෙනවා.” මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට පියාසර කිරීමට අමතරව, “එයාර් ඇරබියා, “ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට සාජා සිට සතියකට ගුවන් ගමන් වාර 09ක් ක්‍රියාත්මක කරයි.







 
Related Posts with Thumbnails