Ads 468x60px

.

නැතිවූ ආදරය සොයා ගිය මනෝඡ් අනපේක්‍ෂිත අනතුරකින් ජීවිතයෙන් වන්දි ගෙවූ හැටි..

මල්ලිකා මනෝඡ්ට අවංකව ආදරය කළේ නම්..?

දුක්‌බර කතාවක්‌...

බළන්ගොඩ පල්ලෙවෙල ගම් ප්‍රදේශයේ විසූ කේ.ජී. මනෝඡ් චාමර විඡේරත්න තිදෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලාය. මොහුගේ නැගණියන් දෙදෙනාද නිවසේ සිටියදී කොළඹ ප්‍රදේශයේ බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු ලෙස මීට වසර හතරකට පමණ පෙර කටයුතු කරමින් සිටියදී ඇඟලුම් කම්හලක තරුණියක්‌ සමග පෙමින් බැඳී තිබුණා. 

එහිදී දෙදෙනාම නීත්‍යානුකූලව විවාහ ගිවිසගෙන මෙම කාරණය මව්පියන්ට දැන්වූ පසුව මනෝඡ් චාමරගේ මව් පියන්ගේ නිවසට කැන්දන් විත් වසර හතරක්‌ම ජීවත් වුණා.

මේ අතර මොවුන් දෙදෙනා අතර පුංචි මත ගැටුම් ඇති වූයේ දෙන්න දෙමාල්ලන් අතර එවැනි දේ සිදුවීම ස්‌වාභාවික දෙයක්‌ ලෙසිනි. නමුත් මේ වන විට බළන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකයකු ලෙස මොහු, සේවය කරමින් සිටියේය. 

කෙසේ හෝ බිරිඳ මීට මාසයකට පමණ පෙර මනෝඡ්ට නොකියාම නිවසින් පිටව ගියාය. එදා පටන් මාසයක්‌ පමණ මොහු ඇය සොයා ගැනීමට නොගත් වෙහෙසක්‌ නැත. මේ හේතුවෙන් රැකියාවට යැමටද නොහැකි වූ හෙයින් එයද අහිමි විය.

මෙම කාන්තාව සොයා ගැනීමට දේවාලවලට ගොස්‌ පුද පූජා පැවැත්වීය. පේන ශාස්‌ත්‍ර ආදිය බැලුවත් සොයා ගත නොහැකිව පිට රට රැකියාවකට ගියා දැයි සැක සිතී ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට ගොස්‌ සොයා බැලීමේදී එතෙර ගොස්‌ නොමැති බවද පැහැදිලි විය.


මේ අතරේදී මාර්තු 01 දා වන විට තම බිරිඳ පොතුවිල් ප්‍රදේශයේ නිවසක සිටින බවට ලද තොරතුරක්‌ මත එහි යැමට තීරණය කළේය. එම ගමන තමන්ගේ අවසන් ගමන යයි නොසිතූවත් යළි නිවසට පැමිණියේ ප්‍රාණය නිරුද්ධව මිතුරන්ගේ කර මතිනි.

මේ ගැන මනෝඡ්ගේ පියා කේ.ජී. විඡේපාල මහතා
පැවසුවේ මෙලෙසින්.

මගේ පුතාගේ බිරිඳ නිවසින් ගියදා පටන් මොහු හැසිරුණේ ඉතාමත් කලකිරීමෙන්. පොතුවිල් ප්‍රදේශයේ සිටින නිසා ඇය කැඳවාගෙන ඒමට මිතුරකු සමග යන බව පවසා පළමු වැනිදා නිවසින් පිටව ගියා. පසු දින සවස මට ආරංචි වුණා පුතා රිය අනතුරකින් මිය ගියා කියා. වහාම අපි පොතුවිල් බලා ගොස්‌ පුතාගේ සිරුර හඳුනා ගත්තා. ඉන්පසු සිද්ධිය වූ අයුරු අපට දැනගැනීමට ලැබුණේ මේ අයුරිනි.

පුතා තම බිරිඳ නිවසක රඳවාගෙන සිටින බවට පොතුවිල් පොලිසියට දන්වා පොලිසිය සමග එම නිවසට ගොස්‌ විපරම් කිරීමේදී එහි නොසිටි බව දැනගන්නට ලැබී ආපසු ගෙදර (බළන්ගොඩ) එන්න පාරට ආවත් 2 දා හැන්දෑවේ බස්‌ රථයක්‌ තිබී නැහැ. 


යම් කිසි වාහනයක්‌ හමුවනතුරු තම මිතුරාත් සමග පයින් මොනරාගල පොතුවිල් මාර්ගයේ එද්දී දුර සිට එන කැබ් රථයක්‌ දැක එයට සංඥ කළේ ටික දුරක්‌ හෝ යැමේ අදහසිනි. එහි ගමන් කළ අය පස්‌ දෙනෙකි. මොවුන් මෙම දෙදෙනා ගෙන් විස්‌තර අසා රථයට නංවා ගත්තේ අනුකම්පා සිතිනි. 

එහෙත් කැබ් රථය වැඩි දුරක්‌ යැමට පෙර එම මාර්ගයේ සෙන්ගමුව ගල්වංගුව අසලදී පෙරළී ගියේ සියලු බලාපොරොත්තු සුන් කරමිනි. පසුව මනෝඡ් එම අනතුරින් මියගිය අතර ඔහුගේ මිතුරා ඇතුළු කැබ් රියේ ගමන් ගත් පස්‌ දෙනාම තුවාල ලැබූහ.

මෙම අනතුර සිදුවීමට පැයකට පමණ පෙර සිය මිතුරකුට හා නැගණියට කෝල් එකක්‌ දී මනෝඡ් පවසා ඇත්තේ තාම දවල්ට කෑවෙත් නැහැ. (බිරිඳ) මල්ලිකා කුමුදුනී හම්බවුණෙත් නැහැ අපි ගෙදර එනවා කියමිනි. එහෙත් මනෝඡ් නිවසට පැමිණියේ ඥති හිතවතුන් සියලු දෙනාම හඬවමිනි. 


ආදර සබඳතා ඇතිකර ගැනීමේදී දුරදිග නොබලා කටයුතු කිරීම නිසා අහිංසක ජීවිතයක්‌ නැතිව ගියේය. මල්ලිකා මනෝඡ්ට අවංකව ආදරය කළේ නම් මේ ලස්‌සන ජීවිතය රැක ගන්නට තිබුණා නොවේද?
 
Related Posts with Thumbnails