Ads 468x60px

.

දුමින්ද සිල්වා අඩංගුවට ගත්තා - රහස් පොලිසිය

2013 මාර්තු 05  01:15 a.m Updated

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී 
 
භාරත ලක්‍ෂ්මන් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා නවලෝක රෝහලේ දී අද (05) උදේ 10.05 ට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය මීට සුළු මොහොතකට කලින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සමන් විතාන මහතාට දන්වා සිටියා. 

ගුවන් යානයක් මගින් ලංකාවට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුලත් කළ පසු රහස් පොලිසිය එහි ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නට උත්සාහ ගත් බවත්, එහෙත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ තත්ත්වයක ඔහු නොසිටි බවත්, රහස් පොලිසිය අධිකරණයට දැන්වුවා. 

නවලෝක රෝහලේ හත්වැනි මහලේ 7727 දරන කාමරයේ දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන බවත්, චෝදනා පත්‍රය කියවා තේරුම් කර දීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට දැන්වුවා. දුමින්ද සිල්වා පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න හා ස්නායු ශෛල්‍ය විශේෂඥ කීප් හෝ මහතාගේ වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කළා. 

රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. භාරත පාර්ෂවයේ නීතිඥ අජිත් පතිරණ මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ දුමින්ද සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. 

දුමින්ද පාර්ශවයේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ දුමින්ද සිල්වාට පීඩනයක් එල්ල වුවහොත් රෝගය උත්සන්න විය හැකි නිසා සුදුසු පියවරක් ගන්නා ලෙසයි. මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා අධිකරණයට කියා සිටියේ නවලෝක රෝහලට ගොස් දුමින්ද සිල්වා පරික්ෂා කර බලා පියවරක් ගන්නා බවයි. 

===========///===========

දුමින්ද නැවත ලංකාවට ඇවිත්...
2013 මාර්තු 05  10:05 a.m Updated

ඉන්නේ නවලෝක රෝහලේ... 

මීට දෙවසරකට පෙර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි පාර්ලි මේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා අද (05) අලූයම දිවයිනට පැමිණි බව වාර්ථා වෙනවා. 

අද අලූයම 1.29ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරණ ගුවන් යානයෙන් ඒ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. 

මන්ත්‍රීවරයා ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ රෝද පුටුවක් ආධාරයෙන් බවත් ඔහුගේ හිතවතුන් විසින් ඔහුව වාහනයකට නංවාගෙන තිබෙන බවත් වාර්ථා වෙනවා.

පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දින අංගොඩ වල්පොල හන්දියේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා වසරකට වැඩි කාලයක් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.

අංගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා මියගිය අතර ඒ සම්බන්ධ නඩු විභාගය පසුගියදා පැවැත්වුණු අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණයට දැන්වූයේ මන්ත්‍රීවරයා ලබන 14 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.


වැඩි විස්තර පහතින්

 
Related Posts with Thumbnails