Ads 468x60px

.

කට කතා හැදුනට කිසීම ප්‍රශ්නයක් නැති නිළිය.

මම කට කතාවලට බය නැහැ...

මං කිව්වා අම්මෝ රොෂාන් ඕකනං කියන්න එපා කියලා..

ඊට පස්සේ ඕක කිව්වොත් වෙනම කතාවක් හැදෙයි කියලා... 

කාලයක් බෙහෙවින් දඟකාර කෙලි ලොල් චරිතයක් වූ එහෙත් අද වනවිට තරමක් නිහඬ චරිතයක් බවට පත්වී සිටින ඇය නමින් ඕෂධී හේවාමද්දුම.

මේ ඇයත් සමග කල කතාබහක්.

ඕෂධී රංගනයට එන්නේ මොන හේතුවක් මුල්කරගෙනද?

රංගනයට එන්නේ ඇත්තටම කරලා බලන්න ඕන කියන එකට. අද වෙනකොටනම් ඉතින් බොරු කියන්න ඕන නෑ.. මමත් ජනප්‍රියත්වයට ආසයි. මමත් මුදල්වලට ආසයි. මමත් ජනතාවගේ ආදරයට ආසයි. මේ හැමදේටම මම ආසයි.


සාමාන්‍යයෙන් ක්ෂේත්‍රයේ නම ගිය තරුවකට කටකතා හැදෙනවා කියන්නේ මහලොකු දෙයක් නෙමෙයි. ඒ ගැන මොකද කියන්නේ?

මම දන්න තරමින්නම් මට කටකතා හැදිලා නෑ. මතක ඇති කාලෙක එහෙම දෙයක් සිද්ධවෙලා නෑ මට. ඒ නිසා මං අනිත් අය ගැන කියන්නත් මං දන්නේ නෑ. ඒවා ඇත්තද නැත්තද කියලා විවේචනය කරන්න මට තේරෙන්නෙත් නෑ. මම කට කතා හැදෙන විදිහට ජීවත් වෙන්නේ නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මම කට කතාවලට බය නැහැ.


නමුත් මම කට කතා අහගන්න කැමති නැහැ. කට කතාවක් හැදුනට මටනම් කිසීම ප්‍රශ්නයක් නැහැ. ඒත් මගේ වටා ඉන්න පිරිසක් ඉන්නවා. මගේ සැමියා මගේ දෙමව්‍පියෝ. ඒ අයගේ හිත රිදෙයි, ඒ අයට නරකක් වෙයි කියලා තමයි මම කට කතා නොහැදෙන්න ගොඩක් වෙලාවට වැඩ කරන්නේ.

ඔය ජීවිතයේ දී අමතක නොවන පුද්ගලයෙක් හම්බවෙනවා එක දවසක. ඒ පුද්ගලයා අදටත් ජීවිතේට හුඟක් සමීපයි. කොහොමද ප්‍රදීප්ව හම්බවෙන්නේ?

ප්‍රදීප්ව හම්බවෙන්නේ දිව්‍යා කියන නාට්‍යයේ රූගත කිරීම්වලදී. ප්‍රදීප් තමයි ඒකේ කැමරා අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කළේ. මුල් දවස්වල එයත් ඇත්තටම මට අනිත් අය වගේම බොහොම සාමාන්‍ය චරිතයක්. එයත් වැඩි කතා නෑ. මමත් වැඩි කතා නෑ. පස්සේ දෙන්නට කතා කරන්නැතුව ඉන්නම බැරි වුණා. 


අපි දෙන්නගෙන්ම නෙමෙයි ඒක ඇතිවුනේ. අපි දෙන්නගේම යාළුවෙක් ඉන්නවා හිරණ්‍යා කියලා. හිරණ්‍යා තමයි ඇත්තටම ඒක ඇතිකළේ. අපි හිටපු විදිහටම හිටියනම් අදටත් ගුඩ් “මෝනින්ග් අයියේ” “යන්නං අයියේ” ඒ ටික විතරයි. ඒ කියන්නේ හිරණ්‍යා තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මං වැටිච්ච අමාරුවට. 

මංගල දිනය සාමාන්‍යයෙන් කෙනෙක්ට අමතක වෙන්නේ නෑ... ඒත් ඕෂධීට විශේෂ හේතුවක් නිසා ඒ දවස අමතක වෙන්නේ නෑ කියලා ආරංචි වුනා. “පියඹා යනවා මා”... ගීතයත් ඒකට සම්බන්ධයි. විවිධ වූ අය විවිධ කතා කියනවා. මොකක්ද ඕෂධී ඇත්ත කතාව..?

ඔය කියන්නේ රොෂාන් ගැන. රොෂාන් රණවන වෙඩින් එකට කලින් දවසක මගෙන් ඇහුවා ඕෂධී මොනාද අපි කියන්න ඕන සිංදු කියලා. රොෂාන් වැඩිපුරම කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීතය. ඉතින් රොෂාන් කිව්වා “පියඹා යනවා මා ආකාසයේ” කියන්නද කියලා. 


මං කිව්වා අම්මෝ රොෂාන් ඕකනං කියන්න එපා. ඊට පස්සේ ඕක කිව්වොත් වෙනම කතාවක් හැදෙයි. අවසානයි ප්‍රේමාදරේ කියලා. සමහරු ඇවිත් කියනවා “කොතැනක හිටියත් ඔබ මෙලොවේ” කියලා. අන්තිමට දුවන්න වෙන්නේ ඊට පස්සේ.

අපි හිතමු ඔයාට මොකක් හරි වරයක් ලැබිලා තියෙනවා කියලා. එකේදී ඔයාගේ රූපයේ මොකක් හරි වෙනස්කමක් කරගන්න පුළුවන් නම් ඔයා වෙනස් කරගන්න කැමති මොකක්ද?

මහත් වෙන්නේ නැතුව හැමදාම කෙට්ටුවට ඉන්න පුළුවන්නම් ඒක තමයි.


 
Related Posts with Thumbnails