Ads 468x60px

.

ගුවන් නියමුවන් දෙදෙනා මෝස්තර නිරූපණ ශිල්පිණියක් නියමු කුටියට ගෙන්වා ගෙන.

ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කරලා...

වරෙකට එකා බැගින් ශිල්පිණිය සමග ඡායාරූප අරන්...

ගුවන් යානය පියාසර කරමින් තිබෙන අතරතුර නියමු කුටියට ගෙන්වා ගත් මෝස්තර නිරූපණ ශිල්පිනියක හා ඡායාරූප වලට පෙනී සිටි වියට්නාම ජාතික ගුවන් නියමුවන් දෙදෙනෙකුට වැඩ වැරදී ඇත. මේ ඡායාරූප ගන්නා අවස්ථාවේදී යානය තිබී ඇත්තේ පොළොවේ සිට අඩි දහස් ගණනක් උඩිනි.

ඡායාරූප වලට පෙනී සිටින අවස්ථාවේ ගුවන් යානය ‘‘ස්වයංක‍්‍රීය නියමු‘‘ පාලනය යටතේ පැවැත ඇතැයි සදහන්ය. ස්වයංක‍්‍රීය නියමු පාලනයේදී ගුවන් යානය ස්වයංක‍්‍රීයවම හැසිරවීම සිදුවන අතර එය සිදුකරන්නේ ගුවන් යානයේ පරිගණක පද්ධතිය මගිනි.


ගුවන් යානය ස්වයංක‍්‍රීය නියමු පාලනයට යොමු කළ විට ගුවන් නියමුවෙක් යානය පාලනය කිරීමට අවශ්‍ය නොවේ.එසේ වුවද ස්වයං පාලනයට ගුවන් යානය යොමු කර විවේක ගැනීමේ අවසරයක් කිසිදු ගුවන් නියමුවෙකුට ලබා නොදෙයි.

ගුවන් යානයේ ගමන් මග පරීක්ෂා කිරීම,පාලන පුවරුව පරීක්ෂා කිරීම,අවශ්‍ය විටකදී ස්වයං පාලනයෙන් තමන් අතට ගුවන් යානය ගැනීම ආදී කටයුතු සිදු කිරීමට ගුවන් නියමුවා හොද අවධානයෙන් සිටිය යුතුම වේ.

තම වගකීම් අමතක කර ඇති මේ වියට්නාම ගුවන් නියමුවන් දෙදෙන වරෙකට එකා බැගින් මෝස්තර නිරූපණ ශිල්පිණිය සමග ඡායාරූප වලට පෙනී සිට ඇත.


මේ ඡායාරූප කෙසේ හෝ අන්තර්ජාලට එක් වී ඇති අතර ගුවන් නියමුවන් දෙදෙනාට දඩුවම් කිරීමට වියට්නාම ගුවන් සේවය තීරණය කර ඇත්තේ ඒවා දැකීමෙනි. ගුවන් නියමුවන් දෙදෙනාට මසක වැඩ තහනමක් පනවා දඩයන්ද නියම කිරීමට බළධාරීන් ක‍්‍රියා කර ඇත.

මේ හා සමානම සිදුවීමක් ඉන්දියාවෙන්ද පසුගියදා වාර්තා වූ අතර එහිදී ගුවන් සේවිකාවකට යානයේ පාලනය භාර දුන් ගුවන් නියමුවන් දෙදෙන ව්‍යාපාරික පන්තියට වී නිදා ගෙන සිට බව සදහන් විය.
 
Related Posts with Thumbnails