Ads 468x60px

.

මම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම දැකලා ඉවරයි - ජනපති බාල පුත් රෝහිත කතා කරයි.

දැකපු නැතිදේ පෘථිවියෙන් එපිට...

පසුගියදා පාපන්දු විනිසුරුවරයකුට පහරදීමෙන් මාධ්‍යයන්හි අවධානයට ලක්වූ ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ ඩේලි මිරර් පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තමන් ලෝකය දැක අවසන් බවත් ඇත්තේ අභ්‍යාවකාශය දැකීම පමණක් බවත් පවසයි.

ඔහුගේ ජීවිතය සම්බන්ධව දැක්වූ අදහස් කිහිපයක් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ උපුටා දක්වමු.


රේස්වලට ඔබේ ආසාව ආරම්භ වූයේ කවද්ද?
මට වාහන පදින්න ලැබුණු දවසෙ ඉඳලම. මම වේගෙන් යන්න ආසයි. වේගවත් හැමදේටම පුදුමාකාර කැමැත්තක් තියෙනවා.

මුදල් වැයකරන්න කැමති මොනවටද?
මෝටර්සයිකල්වලට, කාර්වලට

ජනාධිපතිවරයාගේ පුතා ලෙස ඔබ පුද්ගලිකව අපහසුතාවයට ලක්වන කරුණු දෙකක්?
මම කරන හැම දෙයක් දිහාම මහජනතාව බලන් ඉන්න එක සමාජය තුළ නිදහස අඩුවීම සහ මගේ පෙම්වතියගේ සහ මිතුරන්ගේ කටයුතුවලදී සීමාකම් ඇතිවීම


ඔබේ විලාසිතා පිළිබඳව?
මාව හොඳින් හා ශක්තිමත් ලෙස පෙන්වන ඕනෑම විලාසිතාවක්. මම හැම විලාසිතාවක්ම වගේ අත්හදා බලා තියෙනවා. එත් මම වදවෙන්නෙ නැහැ, හැම එකක්ම වගේ මට ගැලපෙනවා.

ඔබේ හොඳම දව‍ස වෙන්නෙ මොකක්ද?
අවදිවෙලා මගේ පෙම්වතිය සහ මිතුරන් සමග ව්‍යායාම් කරනවා, මගේ වැඩ අවසන් කරනවා, දවසේ ඉතිරි කාලයට මුහුණ දීම සඳහා අවශ්‍ය නිදහස වෙනුවෙන් චිත්‍රපට බලනවා, බයිසිකල් පදිනවා, ඒ සියල්ල මගේ මිතුරන් සමග ගන්නා රාත්‍රී ආහාරයකින් අවසන් කරනවා.

ඔබ සාප්පුයාමට කැමති කොහේද?
මම හැම තැනකින්ම බඩු ගන්නවා. මට හිතට අල්ලන ඕනෑම දෙයක් ගන්නවා, මිලවත් නමවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් බෙල්ට්, සපත්තු මම ගන්නෙ එල්.වී. බ්‍රෑන්ඩ් එකෙන්.

ඔබ මොනවා හරි දකින්න කැමතිනම් තෝරගන්නේ මොකක්ද?
මම මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම දැකලා ඉවරයි. දැකපු නැති එකම දේ පෘථිවියෙන් එපිට අභ්‍යාවකාශය. මම දැඩිව විශ්වාස කරනවා තව අවුරුදු කිහිපයකින් මම ඒකත් දකිනවා කියලා.

ඔබේ ප්‍රියතම ආහාරය?
යමී චිකන් බර්ගර්
 
Related Posts with Thumbnails